27 April 2024
#දේශීය

උකුවෙල ඇවිදන මංතිරුවට විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධයක්

රට හදන සෞභාග්‍ය වැසටහන යටතේ දැයක් නගන සියක් නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් එක්කෝටි අසුලක්ෂයක වියදමින් උකුවෙල නගරයේ ඉදිකරන ලද ඇවිදින මංතිරුව ඇස්තමේන්තුව අනුව වැඩ නිම කර නොමැති බවට උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති,උප සභාපතිවරයා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් ඊයේ(25) දහවල් මංතිරුව අසළදි විරෝධතාවයක නිරත විය.

ඉදිරි දිනක මෙම ඇවිදින මංතිරුව විවෘත කිරිමට සැලසුම් කර ඇති බවත් නගර වැසියන් මෙම ඇවිදින මංතිරුව අඩක් නිම කර විවෘත කිරිම පිළිබදව අප්‍රසාදය පළ කරන බවද මන්ත්‍රිවරුන් කියා සිටියහ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සභාපති ඩි.ඩබ් එම්.චේතියරත්න,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන උප සභාපති අබ්දුල් නිසාර් ,මන්ත්‍රිවරුන් වන එම්.ෆරුස්,එම්.‍බුහාර්දින්,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන සිසිර ජයම්පති ඇටිපොල,ශනි චන්ද්‍රපාල, යන මන්ත්‍රිවරුන් විරෝධතාවයෙහි නිරත විය.

ඔවුන් කියා සිටියේ වත්මන් රජයට මෙවැනි ව්‍යාපෘති උකුවෙලට ලබා දිම පිළිබදව ස්තුතිය රජයට පුද කරන බවත් මෙසේ ව්‍යාපෘති අතරමග නවතා දැමිම පිළිබදව දැඩි විරෝධය දක්වන බවත් මහජන මුදල් මෙසේ විනාශ කිරිම පිළිබදව ජනතාව ගමේ සිටින මන්ත්‍රිවරුන් ලෙස තමන්ට සාප කරන බවද ඔවුන කියා සිටියේය.

අදහස් දැක්වු මන්ත්‍රි සිසිර ජයම්පති ඇටිපොල මහතා කියා සිටියේ උකුවෙල නගරය දක්ව මිටර් 600ක් ඉදිකරන බවට ඇස්තමෙන්තු සිදු කර ඇතත් මේ වන විට වැඩ නිම කර ඇත්තේ මිටර් 430ක් පමණක් බවය.
මෙසේ අර්බුදකාරි තත්වයට පත්ව ඇති මොහතක වෙන් කරන ලද මුදල් වලින් හෝ මහජනයාට වැඩක් වන ආකාරයෙන් වැඩ කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *