ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් පසුගිය 09 දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැවිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත පැවැති මෙම රණවිරුවන් සිහිපත් කිරිමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ උපදේශක (සෞඛ්‍ය හා පෝෂණ) වෛද්‍ය රියර් අද්මිරාල් ජිඑස්ආර් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය පුද කරන ලදී. අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.
මෙම සැමරුම් අවස්ථාව සඳහා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.
Fallen naval war veterans commemorated on 71st anniversary of Sri Lanka Navy
In parallel with the 71st anniversary of Sri Lanka Navy, a solemn ceremony to commemorate Navy war veterans who made the supreme sacrifice for the freedom of the nation was held at Naval War Hero Monument in Welisara on 09th December 2021.
Following the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne this commemorative event was held in Welisara and it was presided by Senior Advisor (Health & Nutrition) Surgeon Rear Admiral GSR Jayawardena. During the ceremony floral tributes were made to the Naval War Hero Monument and two minute silence was observed, recalling naval war veterans who made the supreme sacrifice for freedom and territorial integrity of the motherland.
Deputy Area Commander, Rear Admiral Suresh De Silva, senior officers and sailors were present on this occasion.