27 April 2024
#දේශීය

උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් පාලනයට සහය දෙන්න – සෞඛ්‍ය ඇමති ජනතාවගෙන් ඉල්ලයි

කොවිඩ් වසංගතය පාලනය හා එන්නත්කරණය මේ වනවිට සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මේ උත්සව සමයේ උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේ නොමැති වුවහොත් අළුත් අවුරුදු පොකුර වැනි තවත් පොකුරු බිහිවීමට ඉඩ තිබෙන බව ද එවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිනොවීමට ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

උත්සව සමය තුල සීමාවන් ඉක්මවා ජනතාව ක්‍රියාකරනු ලැබුවහොත් ඒහි ප්‍රතිඵල භයානක විය හැකි යැයි ද ඒ තුල මෙතෙක් රැකගත් කොවිඩ් පාලන තත්ත්වය අපතේ යනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *