එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක වන මෙම පර්යේෂණ නෞකාව අද (11) ශ්‍රී ලංකාවට ළඟා වූයේ මෙරට අනන්‍ය ආර්ථික කලාපය තුළ විශේෂ සාගර විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීම සඳහාය. දින 32ක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ නාරා (NARA) ආයතනය සමඟ ඒකාබද්ධව පවත්වනු ලබයි.
මෙම සමීක්ෂණය මගින් මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත්වල ව්‍යාප්තිය, සාගර දූෂණය සහ ජෛව විවිධත්වය පිළිබඳ අතිනවීන තාක්ෂණය ඔස්සේ දත්ත රැස් කිරීමට නියමිතය. මෙම දත්ත මගින් තිරසාර ධීවර කළමනාකරණය ශක්තිමත් කිරීමටත්, දේශීය විද්‍යාඥයන්ට ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ එක්ව නව දැනුම ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙයි. මීට පෙර 1978 සහ 2018 වසරවලදී ද මෙම නෞකාව මෙරට සාගර පර්යේෂණ සඳහා දායක වී ඇත.













