27 April 2024
#දේශීය

ජනාධිපතිවරයා දුරදිග නොබලාගත් තීන්දුව නිසා ගොවියන් අමාරුවේ – ජවිපෙ

ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමෙන් මුලු කෘෂිකර්මාන්තයම කඩා වැටුණු බවට මතයක් ගොඩනැගීමේ අනතුරක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කළ සිටියේය “කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තිබුණු සියලු බලාපොරොත්තු ප්‍රතික්‍ෂ්ප වීමේ අනතුරක් තිබෙනවා. එළවලු වගාව, තේ වගාව, කෙසෙල් වගාව තුළින් එදිනෙදා ආදායම් ලැබූ සියල්ලන්ගේ ජීවන මාර්ග බිඳවැටී තිබෙනවා. නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම විසඳුම් ලබාදිය යුතුයි. ඒ නිසා සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු පොහොර, සුදුසු වල් නාශක සහ සුදුසු කෘමි නාශක නිසි කලට ගොවි ජනතාවට ලබාදිය යුතුයි. මේ කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිවසේ තියෙන එළවලු කොටුව ගැන නෙවෙයි. ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්කරගත්, රටේ ආහාර සුරක්‍ෂිතභාවය නියෝජනය කරන සහ අපනයන සම්බන්ධයෙන් බලපාන ක්‍ෂේත්‍ර පිළිබඳව මතුවන ගැටළුවලට විවිධ පිළිතුරු සැපයීමට යාමෙන් තව තවත් අර්බුද ඇතිවී තිබෙනවා. මේ තත්වයන් කෙරෙහි වහාම පිළිතුරු ලබාදෙන ලෙස අපි ජනාධිපතිවරයාට බල කරනවා“ යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *