• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද

2 March 2024
in දේශීය, පුවත්
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය හෙට (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මේ දිනවල දිවයින පුරා උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතිනවා. එය ජල උල්පත් සිදීයාමේ තත්ත්වයක් දක්වා බලපා තිබෙනවා. එම තත්ත්වය හමුවේ වගා කටයුතු සිදුකිරීමේ දී එක් දිනක් තුළ සම්පූර්ණ කුඹුරු යායම එකවර වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට අප බලාපොරොත්තු වනවා. ගොයම් සිටුවීම සඳහා “පැරෂුට්” වැනි ක්‍රම භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට විශේෂ වගකීමක් තිබෙනවා. සීසෑමේ දී “තැටි නඟුල” සහ “මෝල් බෝඩ් නඟුල” භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි මහතුන් තම අස්වනු ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ක්‍රමය දැනට භාවිත කරන බව අවධාරණය කළ යුතුයි.එමෙන්ම පවතින ජල ප්‍රමාණය අඩු වීම නිසා අතිරේක බෝග වගාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. බඩ ඉරිඟු සහ මුං වැනි ධාන්‍ය වගාවට යොමු වන අය වෙනුවෙන් අප උපකාර කිරීමට සූදානමින් සිටිනවා. තේ සඳහා යොදන පොහොර වර්ග වන T -200, T- 750, U -709, U 834 , T 65 වැනි පොහොර පසුගිය කාලයේ ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණා. නමුත් එම මිල යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපට හැකිවුණා. දැනට පවතින මිල තවත් අඩුකර ගැනීමට අප උත්සහ දරමින් සිටිනවා. එම නිසා රජයට අයත් සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා. තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව මෙම පොහොර වෙළඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට ලබා දෙනවා. රජය ගෙන යන වැඩ පිළිවෙළට අනුව සහන මිලට පොහොර ලබා දීමෙන් තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මහත් රුකුළක් වනු ඇතැයි මම සිතනවා. ඒ වගේම නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 55ක්ම ඉතා සාර්ථක බව කිව යුතුයි. ඔවුන් අක්කරයක වගාවකින් මාසයකට තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ නෙළා ගන්නවා. මේ වසරේදී අප විසින් රුපියල් මිලියන 1000ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා. කෘෂිකර්මාන්තය නැංවීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. එබැවින් එම නිවැරදි පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූති කළ යුතුයි. ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය අද (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙනවා. එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මාර්තු මස 02,03,04,05 යන දිනවල පැවැත්වෙනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.

Post Views: 7,781
Previous Post

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්

Next Post

මෙවර මහ කන්නයේ දී වී අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

editor ttvnews

editor ttvnews

Next Post
මෙවර මහ කන්නයේ දී වී අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

මෙවර මහ කන්නයේ දී වී අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ක් - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved