• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොෟද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින්

21 August 2018
in සංවර්ධන

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී ඊයේ (20) පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී මෙම උපදෙස් ලබාදෙන ලදි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය.

පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. ඒ අනුව නියම කරනු ලබන ගාස්තු ඇතුලත් පැකේජය තුලට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුලත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

මේ අතර වතුකරයේ ත්‍රීපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය, කළුතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වල විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද තීරණය විය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කාර්යාල වල සහ වතු අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිපෝෂ බෙදාහැරිමට ද කටයුතු යොදා ඇත.

මේ අතර ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදව ද ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී අවධානය යොමු විය. ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කළේ මේ වන විට 2016 ට වඩා 2018 වසර තුල ඩෙංගු රෝගීන්ගේ සියයට 80 ක අඩුවක් දක්නට ලැබෙන බවයි.

ඩෙංගු මරණ අනුපාතය දශම 1 දක්වා අඩු වී ඇත. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ධූමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් බී.ජි.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

සංදර්ශනය නැති අපි වැඩ කරන ආණ්ඩුවක් – අගමැති

Next Post

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න – ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

editor

editor

Next Post

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න - ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved