27 April 2024
#දේශීය

ඇත්ත නැත්ත රටට හෙළි කරන්න – ඇමැති රිෂාඩ් ආණ්ඩුවෙන් ඉල්ලයි

යුධ සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදහන්වූ බව කියන අවි ආයුධ වලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් යැයි කියන පිරිසක් විසින් මාධ්‍යයට කල පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාවය රටට හෙලි කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් බව කියන කණ්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 18 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශකර තිබුනේ පසුගිය යුධ සමයේ ඔවුන් විසින් භාවිත කළ අවි ආයුධ පන්දහසක් (5000) පමණ අතුරුදහන් වී ඇති බවත් ඒවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා තවත් රාජ්‍ය අමාත්‍යවරයකු සතුව ඇතිබවත්ය.

වර්තමාන යහපාලන රජය යටතේ සිංහල ,දමිල ,මුස්ලිම් ජනතාව සහයෝගයෙන් සිටින බවත් මෙම ප්‍රකාශය පෞද්ගලිකව තමා වෙත ඉදිරිපත්වූ චෝදනාවක් වුවද මේ තුලින් මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාව දෙස සහෝදර සිංහල ජනතාවට සැකය ,වෛරය ඇතිකරවා ඒ තුලින් ජාතිවාදය රටතුල ඇතිකිරීමේ අවස්ථාවක් ගොඩනැගිය හැකි බව අමාත්‍ය රිෂාඩ් පෙන්වා දෙයි.

එම තත්වය නතර කිරීමට මොවුන්ගේ මෙම ප්‍රකාශය පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම හදිසි පුවත් සාකච්ඡාව හදිසියේම පැවැත්වීම ඉතා සැක සහිත බවත් මෙම සිදුවීම් ජාලය පිටුපස අදිසි හස්තයක් ඇත්දැයි තමා සැකකරන බවත්ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *