ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි දෙකක අද (31) රාත්රී කාලයේදී හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න වේගයෙන් පැතිර යාම හේතුවෙන් දුම්රිය ස්ථානය තුළ නොසන්සුන් තාවයක් හටගත් බව වාර්තා වේ.
ගින්න පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ක්රියාත්මක වූ ගාල්ල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගිනි නිවන රථ දෙකක් යොදවා ගින්න පාලනය කිරීමට මේ වන විට දැඩි උත්සාහයක නිරත වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.
ගින්න හේතුවෙන් දුම්රිය මැදිරිවලට සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර, ගින්න අනෙකුත් මැදිරිවලට පැතිර යාම වැළැක්වීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ. සිද්ධිය හේතුවෙන් දුම්රිය ස්ථානය අවට ආරක්ෂාව තර කර ඇති අතර වැඩිදුර තොරතුරු අපේක්ෂා කෙරේ.














