• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන අවධානය

9 September 2020
in සංවර්ධන

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රණතුංග මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දීය.

ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහල නැංවීමට හේතුවන බව වනවාසී රාහුල හිමියෝ පැවසුහ.

ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කලයුතු බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බවයි. පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවය. එය අක්කර 760කින් සමන්විතය. මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.

නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත. මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකල ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයටද යොදවා ගෙන ඇතැයි පැවසේ. පරිගණක අමතර කොටස් හා වාහන වින්ඩිස්ක්‍රීන් සඳහාද මෙම රෝස තිරිවානා යොදා ගන්නා බව පර්යේෂකයෝ පවසති.

ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිලිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජකල දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපි වල සඳහන් වන බවද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දුන්හ.

Post Views: 20
Previous Post

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

Next Post

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කල සිව් දෙනෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කල සිව් දෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved