27 April 2024
#දේශීය

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කල සිව් දෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම, අටළුගම, මාරාව ප්‍රදේශයේ නිවසක් තුල ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින්ට එහි සිටි කාන්තාවක් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු රාජකාරිවලට බාධාවන අයුරින් හැසිර ඇති බව පොලිසිය පවසයි.

අද (09) පෙරවරුවේ අදාළ සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් හට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම පහරදීමෙන් උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *