මාතලේ ඕවිලිකන්ද හරහා කුරුණෑගල දක්වා මාර්ගයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංගම බස් රථයක් ධාවනයට එක් කිරිම ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඕවිලිකන්ද නගරයේදි ඉකුත් දා සිදු විය.
මාතලේ ලංගම ඩිපෝවට අයත් මෙම බස් රථය මාතගේ,ඕවිලිකන්ද,දෙල්විට,බඹරගහකන්ද,රිදිගම මාර්ගය ඔස්සේ කුරුණෑගල නගරය දක්වා ගමන් කිරිමට නියමිත බවත් මෙමගින් මකුලේමඩ,ඕවිලිකන්ද,පතිනිගොල්ල,වදේමඩ,අලවතුවල,පරණගම්තැන්න,හොරගහපිටිය,ආදි ගම්මානවල ජනතාවට මගි ප්‍රවාහන කටයුතු සදහා වඩාත් පහසුවක් සිදු වන බවත් ප්‍රදේශයේ ආර්ථික දියුණූවට මෙම සේවාව වඩාත් පිටිවහලක් වන බව අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
මෙම අවස්ථාවට ඕවිලිකන්ද ශ්‍රි විජයාරාම මහා විහාරාධිපති/අමරපුර මහා නිකායේ සද්ධම්මයුක්තික නිකායේ වයඹ මධ්‍යම පළාත් භාර ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති කිරිමැටියාවේ රාහුල නාහිමි,මාතලේ ලංගම ඩිපෝ කළමණාකරු ප්රගිත් හේරත් මහතා ඇතුලු ලංගම නිලධාරින් ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ පිරිසක් එක් විය.
මාතලේ මහේෂ් කිර්තිරත්න