27 April 2024
#සංවර්ධන

පුසියන්කුලම මහා විද්‍යාලයට සුහුරු පන්ති උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල සුරතින් විවෘත කෙරේ

ග්‍රාමීය දරුදැරියන්ගේ තොරතුරු තාක්ෂණය දැනුම වර්ධනය කිරීම හා නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් අධ්‍යාපන කටයුතු හැදෑරීම සදහා පුසියන්කුලම මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර දෙකක් සඳහා සුහුරු පුවරු (ස්මාර්ට් බෝඩ්) දෙකක් ලබා දීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරිණි.

මේ සඳහා පළාත් සභා අරමුදල් මගින් රුපියල් ලක්ෂ 17 ක් වැයකර ඇත.

මනුප අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති අවම පහසුකම් යටතේ පාසල් ළමුන් 950ක් පමණ අධ්‍යාපනය ලබන පුසියන්කුලම මහා විද්‍යාලය සදහා තන්තිරිමලේ, විලච්චිය, ඔයාමඩුව, ඇලයාපත්තුව වැනි දුෂ්කර ගම්මාන වල සිට අධ්‍යාපනය සදහා පාසල් ළමුන් පැමිණෙන අතර, මෙමගින් නවීන තාක්ෂණය ඔස්සේ සිප් සතර හැදෑරීමට විද්‍යාලයෙන් දරු දැරියන් ඉඩ සැලැසෙන බව විදුහල්පතිවරයා ඇතුළු ආචාර්්‍ය මණ්ඩලය සහ දරු දැරියන් මෙහිදී පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ස්තූති කළහ.

මෙම අවස්ථාවට පුසියන්කුලම විදුහලේ ආචාර්ය පූජ්‍ය කහටගස්දිගිලිය සිරිරතන හිමි, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන්, ගුරුවරුන්, දරු දැරියන් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් එක් වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *