• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රථම වරට සමනල පාරාදීසයක සජීවී අත්දැකීමක් ළඟා කර දීමට Spa Ceylon ආයතනය මූලීකත්වය ගනී

8 April 2024
in පුවත්, ව්‍යාපාර
ප්‍රථම වරට සමනල පාරාදීසයක සජීවී අත්දැකීමක් ළඟා කර දීමට Spa Ceylon ආයතනය මූලීකත්වය ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Spa Ceylon ආයතනය පෙරළිකාර මුලපිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට “සමනල පාරාදීසය” (Butterfly Paradise) නමින් ත්‍රිමාණ සජීවීකරණයෙන් බල ගැන්වුණු බහු සංවේදී අත්දැකීමක් One Galle Face Mall හිදී එළිදක්වන ලදී.

2024 අප්‍රේල් 5 සිට 7 දක්වා පැවැත්වුණු අවුරුදු ගැලරියට සමගාමීව ක්‍රියාත්මක වුණු මෙම ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි අයට ආකර්ශනීය සමනල පාරාදීසයක අත්දැකීම සහ සමනලයින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පහදා දීමට ද අරමුණු කොට තිබුණි.

අනර්ඝ ජෛව විවිධත්වයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ආවේණික සමනල් විශේෂ 248කට අධික සංඛ්‍යාවකට නිවහන වී ඇති අතර ඉන් 76කට අධික සංඛ්‍යාවක් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී.

එම හදිසි අවශ්‍යතාව හඳුනා ගත් Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය හා හවුල්කාරීත්වයෙන් 2017 වසරේ මුල් භාගයේ සිට ඒ සඳහා ක්‍රියා කළේය. වසර ගණනාවක් පුරා වස්ගමුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරමින් ඔවුන් සමනලුන් වෙනුවෙන් රක්ෂිතයක් නිර්මාණය කළ අතර, මෙරටට ආවේණික සමනල් විශේෂ 8ක් ඇතුළුව සමනල් විශේෂ 52කට අධික ප්‍රමාණයකට ස්වභාවික වාසභූමියක් බවට එම රක්ෂිතය පත්වී තිබේ.

මෙම මුලපිරීම එම උත්සාහයේ දිගුවක් වන අතර, වාසස්ථාන සුපෝෂණය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙහෙරගල රක්ෂිතයේ සමනල උද්‍යානයක් ඉදිකිරීමට ඔවුන් එක්ව කටයුතු කරමින් සිටී. සමනලුන් පිළිබඳ දේශීය ප්‍රජාවගේ දැනුම වැඩි කිරීම සහ විශේෂයෙන් ගොවි ප්‍රජාවන්ට ප්‍රතිලාභ ලබා දෙන පරාග වාහකයන් ලෙස සමනලුන්ගේ ඇති පාරිසරික වැදගත්කම පිළිබඳ උපදේශන සේවා ගොඩනැගීම ද ඔවුන්ගේ අරමුණ වී තිබේ. එවැනි සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන මේ මොහොතේ අපේ රටට ආවේණික සහ වඳවීයන සමනලුන් පිළිබඳ අත්දැකීම ලාංකික ජනතාවට ප්‍රථම වරට ළඟා කර දීමට ගත් උත්සාහයක් ලෙස මෙය පෙන්වා දිය හැක.

පැමිණි සෑමදෙනාට සුවදායී, මනසට විවේකයක් සමඟම දැනුම ඒකාබද්ධ කරමින්, Spa Ceylon නිෂ්පාදන අතුරින් එක් කාණ්ඩයක් වන De-Stress Range හි ගුණාංග ද සමඟින් බහු සංවේදී පුනර්ජීවන අත්දැකීමක් ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පණිවිඩය සහ කතාව ප්‍රකාශ කිරීම සඳහා අති නවීන ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින් සුසංයෝගී අත්දැකීමක් ද ලබා දුන්නේය. සහභාගීවූවන්ට මෙමඟින් අමතක නොවන අත්දැකීමක් ලැබුණු අතර එමඟින් ඔවුන්ගේ සංවේදනය ඉහළ නංවමින් සමනල සංරක්ෂණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ද ලබා දෙන ලදී.
මෙම අවස්ථවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Spa Ceylon ආයතනයේ සම-නිර්මාතෘ ශිවන්ත ඩයස් පැවසුවේ, “ආයුර්වේද සන්නාමයක් ලෙස, අප ලෝකය සහ එහි ජීවත්වන මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා ‘සමතුලිතතාවය’ අතිශයින්ම වැදගත් වන බව අපි විශ්වාස කරන අතරම මෙම අත්දැකීම හුදෙක් නිරූපණය කිරීමක් නොව මේ දක්වා සිදුකරගෙන ගිය සමනල සංරක්ෂණ සහ එය ස්වභාව ධර්මය සංරක්ෂණය කෙරෙහි Spa Ceylon හි සමස්ත කැපවීම සංකේතවත් කරන්නක්”ලෙසයි.

Spa Ceylon හි සම-නිර්මාතෘවරයෙකු වන ශලින් බාලසූරිය ද මෙහිදී සිය අදහස් බෙදා ගත් අතර එහිදී ඔහු “අපගේ සන්නාමය සංරක්ෂණය සඳහා වූ කැපවීම අපගේ ප්‍රජාව සමඟ ඵලදායී බැඳීමක් ඇති කිරීම සඳහා අඛණ්ඩව නව්‍යකරණයන් සඳහා අපව පොලඹවන අතර මෙම අත්දැකීම සංරක්ෂණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම පමණක් නොව Spa Ceylon අප සන්නාමයක් වශයෙන්, අපේ රට සමනලුන්ට කෙබඳු තත්ත්වයක පාරාදීසයක් ද යන්න ලෝකයට ගෙන යන පණිවිඩයක් වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය. SLWCS හි නියෝජිත චන්දිම ප්‍රනාන්දු පරිසර පද්ධති පවත්වාගෙන යාමට සමනලුන්ගේ ඇති වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ අතර, සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා Spa Ceylon ආයතනය දක්වන සහයෝගීතාවයට ප්‍රශංසා කළ අතර One Galle Face Mall මෙම අත්දැකීම ලබා දීම සඳහා හවුල් වීම සම්බන්ධයෙන් ද සිය සතුට පළ කළේය.

Spa Ceylon හි සමනල තේමා නිෂ්පාදන පෙළට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නිවහන කරගෙන ජීවත් වන සමනලුන්ගෙන් ආභාෂය ලබා තිබූ අතර මේ නිෂ්පාදන පෙළෙන් කරන සෑම මිලදී ගැනීමකින්ම කොටසක් සමනල සංරක්ෂණය සඳහා කැප කිරීම් වෙනුවෙන් අරමුදල් ලෙස බැර වේ. Spa Ceylon හි සමනල පාරාදීසය සමනලුන්ගේ සුන්දරත්වය සහ පාරිසරික වැදගත්කම ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියක් ලෙස පෙනී සිටින අතර, මෙම විශ්මයජනක ජීවීන් ඉදිරි පරම්පරාවන් සඳහා සං‍රක්ෂණය කිරීම ද සිදු කෙරේ. ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය යන සොහොයුරන් විසින් 2009 මැයි මාසයේදී ආරම්භ කරන ලද Spa Ceylon සන්නාමය ගෝලීය සුඛෝපභෝගී ආයුර්වේද නිෂ්පාදන අතර ගතික බලවේගයක් බවට පත්ව ඇති අතර අපේ රටේ සුඛෝපභෝගී ආයුර්වේද නාමය ලොවට ගෙන යමින් ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද දාමය බවට පත්ව තිබේ. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැක.

PR

Post Views: 6,639
Previous Post

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

Next Post

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය යලි රිමාන්ඩ්

editor ttvnews

editor ttvnews

Next Post
දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය යලි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved