27 April 2024
#දේශීය

විදේශ තැපැල් ගාස්තු ඉහළට

විදේශ තැපැල් ගාස්තු අද (01) දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව රජය පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළ නැංවිම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල්පතිපතිවරයා සඳහන් කරයි.

පසුගිය ජනවාරි මස 19 වන දින අංක 2289/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම ගාස්තු සංශෝධනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ www.slpost.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නව ගාස්තු පිළිබඳ දැනගැනීමට හැකියාව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *