පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දින 90 ක කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අවසර ලැබී තිබේ. ප්‍රහාරය පිළිබඳ පුළුල් විමර්ශන සඳහා ඔහුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරමුණු කරගෙන මෙම නියෝග ලබාගෙන ඇත. සලේ මහතාව පසුගිය 25 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඒ අවස්ථාවේදී මුලින් පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබුණි.














