සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු රුපියල් ලක්ෂ 44ක අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අද (මාර්තු 11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙහිදී සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය. අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ විධිමත් ලෙස උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම පිළිබඳ නියෝගය අදාළ බලධාරීන් වෙත යොමු කරන ලෙස ද මෙහිදී අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය එළඹෙන ජූලි මස 28 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.














