• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට පැවැති යුද්ධය ජයග්‍රහණය කළේ හිටපු ජනාධිපති මහින්දයි – මන්ත්‍රී එස්.බී.දිසානායක

19 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ මැතිතුමා ලෝකයේ හිටපු ශක්තිමත්ව, ධනවත්ම, බලවත්ම, කුරිරුම ත්‍රස්තවාදියෝ හැටියට නම් කළ එල්ටිටිඊ සංවිධානය සහමුලින්ම පරාජය කරමින් මේ රට නැවත එක්සේසත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මහතා. “ඉතිහාසයේ අපේ පක්ෂත් අපේ පක්ෂ නායකයෝත් විශාල කැපකිරීම් කරලා විශාල ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා වගේම අපි බරපතල වැරදි කරලත් තිබෙනවා. 56 පෙරලිය කරපු බණ්ඩාරණායක මැතිතුමා ඒ පෙරලිය හරහා ගමේ ග්‍රාමීය මට්ටමේ හිටපු පහළ මධ්‍ය පාංතික ස්වභාෂා කතා කරපු අපේ දරුවන්ට විශාල අත්වැලක් දුන්නා. සිංහල රාජ්‍ය භාෂාව කරලා අපේ දරුවන්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය කරන්න මහ පෙරලියක් කරලා. එකේ දරුවෝ අපි. හැබැයි එදා රාජ්‍ය භාෂාව සිංහල පමණයි කියලා ඒ ගත්ත තීන්දුවත් එක්ක අපිටත් බලයක් දෙන්න කියලා 1905 පටන් ගත්ත දමිල ජනතාව 2021 වන විට 2/3 බලයක් දෙන්න කියලා එය 48 වන කොට ෆෙඩරල් වෙලා එය සිංහල රාජ්‍ය භාෂාව වීමත් එක්ක ඊලාම් වෙනම රාජ්‍යයක් දෙසට අපේ රට ගමන් කළා. 30 අවුරුදු මහා යුද්ධය ජයග්‍රහණය කළේ අපේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා 2005 බලය ගන්න කොට රට ප්‍රධාන වශයෙන් දෙකට කඩා වැටිලා තිබුණේ. රටේ ආර්ථිකයත් ඉතාම නරක තැනක තිබුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වන කොට ලෝකයේ හිටපු ශක්තිමත්ව, ධනවත්ම, බලවත්ම, කුරිරුම ත්‍රස්තවාදියා හැටියට නම් කරපු එල්ටිටිඊ සංවිධානය සහමුලින්ම පරාජය කරමින් මේ රට නැවත එක්සේසත් කළා. ඉන්පසු අපි 2007 සිට 2009 ලෝක ආහාර අර්බුදයකට , ලෝක ආර්ථික අර්බුදයකට , ලෝක මූල්‍ය අර්බුදයට අපි හිරවෙලා තිබුණේ. මේ සියල්ලට මුහුණ දෙමින් 2010 වන විට අපේ ආර්ථිකය නැගිටින්න පටන් ගත්තා. 2010 සිට 2015 වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ස්ථාවරත්වය ආකර්ශනීයයි කියලා කිව්වා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කළේ ජාත්‍යන්තර බලවේග. 2015 සිට 2020 කාලය තුළ අපේ ස්වෛරීත්ව බැදුම්කරය ණය 05 සිට 15 දක්වා 200% කින් වැඩිවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිම දෙයක් කිව්වෙත් නෑ. අපේ රටේ විදේශ ණය වැඩි වෙද්දි මුකුත් කිව්වේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වෙච්ච ගමන් ජාත්‍යන්තර ආයතන කියන්න පටන් ගත්තා ලංකාවේ ආර්ථිකය ඉතාම දරුණු තැනක ඉන්නේ කියලා. හැබැයි මොන ප්‍රශ්න , ගැටලු පැමිණියත් සතයක්වත් ණය නොගෙවා පැහැර නොහැර රටේ ආර්ථිකය ඉදිරියට අරගෙන ආවා. මට නම් පෞද්ගලිකව අපේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරලා ආරම්භ කිරීම පිළිබඳව මට ගැටලුවක් තිබෙනවා. එය මම පෞද්ගලිකව හිතන්නේ එය නොකර යන්න තිබුණේ.
කෙසේ වුණත් මේ රටේ බලය ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුලින්ම මුහුණ දුන්න ප්‍රශ්නය තමයි කොවිඩ් වසංගතය. ලෝකයේ අපි ඉහළින්ම හිටියා කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමෙන්. එය අවුල් කළේ විපක්ෂයේ මිනිසුන්. පාරට මිනිස්සු බස්සලා අවුලෙන් අවුලට පත් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාබනික ගොවිතැනට ගෙනියන්න හදද්දි විශාල පිරිසක් කිව්වා එය කරන්න එපා කියලා. නමුත් එතුමාව කැලෑවට තල්ලු කරන්න සමහර පිරිස් උදව් කළා. විශ්ව විද්‍යාලවල පුන පුනා කිව්වා එය කරන්න එපා කියලා. නමුත් එතුමා එකඟ වුණේ ණෑ.කෙසේ වුණත් අවසානයේ මහා රාජ්‍ය විරෝධයක් මතුවෙලා එය රජයට පාලනය කරගන්න බැරිවෙලා එතුමාට රටින් යන්න සිදු වුණා. හැබැයි එතුමා මුළු විපක්ෂයටම ආරාධනා කළා ආණ්ඩුව භාරගන්න කියලා. හැබැයි කවුරුත් ආවේ නෑ. නමුත් අත්දැකීම් තිබුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එය භාරගත්තා. මේ මොන අර්බුද මැද වුණත් නැවත සංචාරක කර්මාන්තය පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නීතිය හා සාමය හරියට පාලනය කළා. එතුමා රටේ ආර්ථිකය ගොඩගන්නත් දැඩි කැපවීමක් කරනවා. අද ඇගලුම් කර්මාන්තය නැවත නැගිටිනවා. අපේ කෘෂිකාර්මික ආදායම ක්‍රමානුකූලව වැඩිවෙමින් යනවා. සංචාරක ව්‍යාපාරයත් වේගයෙන් පන ගස්වමින් යනවා. අද රටේ අලාභ ලබන රාජ්‍ය ආයතන ඒ අලාභය පියව ගැනීමේ තැනට ගෙන ඒමට ආණ්ඩුව පියවර ගන්නවා. අද අපේ රටට පැමිණි ලෝකයේ මහා දැවැන්ත ආයෝජකයෝ අපි එලවලා දැම්මා. අපි එය කරපු වැරැද්දක්. යහපාලන රජය වරාය නගරය හදපු කෙනාට දිපු හෙක්ටයාර 50 එය අනුනව අවුරුද්දට බද්ධට මාරු කිරීම වරදක්. මෙසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ අකාර්යමත් රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරගන්න සූදානම් වෙනවා. අපි මේ සඳහා සහයෝගය දෙන්න අවශ්‍යයි. මේ මැතිවරණය තියෙනවාද නැද්ද පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෑ. අපි මුළු ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභාවලට අපි ඇප තැන්පත් කරලා ඉවරයි. අපි බොහෝම බලාපොරොත්තු සහගතව මුහුණ දෙනවා. අපේ වටා හිටපු මිනිස්සු අතහැරලා දාලා යන්න බෑ. අපේ පක්ෂයේ ගොඩනැගීමේ වැඩකටයුතු අපි නැවත පටන් ගත්තා. අපි සාර්ථකව කරගෙන යනවා. මේ තීරණාත්මක මොහෝතේ තනි පුද්ගලයෙක් විදිහට ඉදිරියට ඇවිත් මේ රට භාරගෙන අද මුළු ලෝකයත් එක්ක ඉතාමත් බුද්ධිමත් ලෙස රටේ ආර්ථිකය හසුරවමින් දේශපාලනය හසුරවමින් ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළීවෙළට අපි අපේ පක්ෂය ශක්තිය දෙන අතර මැතිවරණයෙනුත් අපි තවත් මහ ජවයක් රජයට ජනාධිපතිතුමාට රටට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.” යැයි එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් විචිත්‍රවත් උත්සව ඇඳුමකට පිවිසෙයි

Next Post

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් සිද්ධිය ගැන CID පැමිණිල්ලක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් සිද්ධිය ගැන CID පැමිණිල්ලක් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved