27 April 2024
#දේශීය

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් සිද්ධිය ගැන CID පැමිණිල්ලක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

මත්පැන් බෝතල් වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත කැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිම සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංංජිත් සියඹලිපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(19) මුදල් අමාත්‍යංශයේ දී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,” මත්පැන් බෝතල් වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්.ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා.ඒ අනුව අපි තීරණය කරා විශේෂයෙන්ම පිටත තිබී අසුවුණ ස්ටිකර් සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට.දෙවැනි කරුණ බෝතල් වල අලවා තිබුණු සමහර ස්ටිකර්ස් පිළිබඳ ඇතිවුණු අපහැදිළිතාවය පැහැදිළි කර ගැනීමට විශේෂයෙන්ම එම ස්ටිකර් වල විද්‍යුත් ඇගයීම නැත්නම් (Digital Indication) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදු වෙනවා ද කියන කරුණ බැලීම සදහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ කරවාගෙන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට.මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම,මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතාම ඉක්මණින් නිවැරදි කරලා රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව අපි විශ්වාස කරනවා. යැයි ද වැඩිදුරටත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *