පොළොන්නරුව දිස්ත්‍රික් “ 2019 වර්ශයේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයිමේ උත්සවය” මැතිවරණ නීති උල්ලංඝණය වීමක් නිසාවෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ මැදිහත් වීමෙන් මෙලෙස නවතා දමා තිබේ.
එම උත්සවය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වීමට සුදානම් කර තිබිණි.
පිටව යාමට පෙර වේදිකාවේ පහළ සිට පැමිණ සිටින පිරිස ඇමතූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, මෙම උත්සවය ඡන්ද නීති කැඩීමක් බවට මැතිවරණ නිලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, තමන් නීති ගරුක නිසා අද තිළිණ හා සහතික නොදෙන බවත්, ඡන්දයෙන් පසු ඒවා ලබාදෙන බවත් පැවසුවා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සවයට සහභාගී වී අනතුරුව මැතිවරණ කොමිසමෙන් ලද නියෝගය පිළිගන්නා බව පවසා උත්සවය භුමියෙන්න් පිටවිය.