ඉදිරියේදී තමාට විවිධ චෝදනා එල්ලවීමට ඉඩ ඇති අතර තමා පස්සට යන්නවත්, වැටෙන කෙනෙක් නොවන බවත් තමා තව තවත් දුරට ඉදිරියට යන කෙනෙක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (31) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී සිරිසේන මහතා පවසා සිටියේ තමා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. තමා සමඟ ජනතාව සිටින බව හෙතෙම කියා සිටියේය.