27 April 2024
#ව්‍යාපාර

Lanka Industrial Estates Limited (LINDEL) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී ,මූල්‍ය වාර්තාවන්හි විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව යන ගුණාංග වෙනුවෙන් සම්මාන පිරිනමනු ලැබේ.”Sustainable Infrastructure” යන තේමාව යටතේ 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් LINDEL සමාගම ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාව වෙනුවෙන් මෙම රිදී සම්මානය හිමිවිය.

TAGS සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය යන දෙ-අංශයෙන්ම විශිෂ්ටත්වය පෙන්න්නුම් කරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කරන අතර, මෙරට මූල්‍යවාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාර බව යන ගුණාංග ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වී ඇත.එමෙන්ම මූල්‍ය, පාරිසරික සහ සමාජ වාර්තාකරණය ඒකාබද්ධව පවත්වා ගෙනයාම සඳහා නව ප්‍රවේශයන් අනුගමනය කිරීමට සහ නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට දරනු ලබන උත්සාහයන්ද මෙම සම්මාන උළෙල තුළ දී ඇගයීමට ලක් වන අතර,ප්‍රමාණය හෝ ලාභ මට්ටම කුමක් වුවද විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන අතරම සමාජයට යහපතක් සිදුකරමින් පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා සමාගම් හා ආයතන වෙත TAGS සම්මාන හිමිවේ.

ඡායාරූපය:LINDEL සභාපති රසික කුරේ මහතා (වමේ සිට 5 වැනියට) ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ උපසභාපති හේෂාන් කුරුප්පු මහතා අතින් සම්මානය ලබා ගත් අවස්ථාව

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *