• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

“Bankers on Bicycles” සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙයි

7 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව පසුගියදා “Bankers on Bicycles” වැඩසටහනේ සමාරම්භක අදියර වෙනුවෙන් සහභාගී විය.

පාපැදි භාවිතය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්කිරීම තුළින් වඩාත් තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවන ලද්දේ පළමු වරට ය. මෙම වැඩසටහන මාසිකව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, වැඩසටහනට දායක වන බැංකු ආයතන එම වැඩසටහන් වල සත්කාරකත්වය දරනු ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන 2022 අගෝස්තු 06 දින පෙරවරු 6 ට, කොළඹ 03 පිහිටි DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය. දෙහිවල දක්වා ගමන් කර නැවත ආපසු පැමිණි මෙම පාපැදි සවාරිය සඳහා ඉහත සඳහන් බැංකු ආයතන හතර නියෝජනය කරමින් 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන මෙම බැංකු ආයතන හතරෙහි කාර්ය මණ්ඩල වල සියලුම දෙනා වෙනුවෙන් විවෘත වූ අතර, ප්‍රධාන විධායක නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළුව සියලුම මට්ටම් නියෝජනය කරන පිරිසක් මහත් උනන්දුවකින් යුතුව ඊට එක් වූහ.

“2020 වසරේදී අපගේ 65 වන සංවත්සර සැමරුම් අතරතුර අප පාපැදි භාවිතය හඳුන්වා දුන්නා. එතැන් පටන් අපගේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් පාපැදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, විශේෂයෙන්ම හෝර්ටන් පෙදෙසේ පිහිටි අපගේ Pinnacle Centre ඇතුළු ස්ථාන වල පාපැදි භාවිතා කරන්නන් වෙනුවෙන් විශේෂ පහසුකම් ස්ථාපිත කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩසටහන බැංකු ක්ෂේත්‍රය තුළ තවදුරටත් ව්‍යාප්ත වීම අප නිතැතින්ම අපේක්ෂා කළ දෙයක්. මෙය කොළඹ ප්‍රදේශය තුළ පමණක් නොව, ඉදිරියේදී විශේෂයෙන්ම මහනුවර සහ කුරුණෑගල ඇතුළුව දිවයින පුරාම පිහිටි ශාඛා වලද ක්‍රියාත්මක වේවි. අපගේ තිරසාර සංවර්ධන ක්‍රමෝපායන්ට අනුව තිරසාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම අපගේ ඉලක්කයයි. පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම යනු එම උත්සාහයේ එක් වැදගත් කොටසක්. මෙම වැඩසටහන පුළුල් කිරීම සඳහා මේ ආකාරයට බැංකු ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එක් අතකින් වඩාත් යහපත් ජීවන රටාවන් ප්‍රවර්ධනය කරන අතරම අනෙක් අතින් බැංකු ක්ෂේත්‍රයේ සුහදත්වය වර්ධනය කරන පියවරක්ද වනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

“HNB කණ්ඩායමත් මේ වැඩසටහනට ඉතාමත් උනන්දුවෙන් සහභාගී වුණා. තිරසාර හා නිරෝගී ජීවන රටාවන් ගතකිරීමට අපගේ කාර්ය මණ්ඩලය දිරිගන්වන අතරම ක්ෂේත්‍රයේ සුහදත්වය වර්ධනය කරන මෙවැනි වැඩසටහන් සඳහා ඉදිරියේදීත් අපගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබාදීමට අප බලාපොරොත්තු වනවා.” හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ප්‍රධාන මනාව සම්පත් නිලධාරිනී සහ Chief Transformation Officer චිරන්ති කුරේ මහත්මිය පැවසුවා ය.

“මෙම වැඩසටහන අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. පාපැදි භාවිතය යනු තනිවම මෙන්ම කණ්ඩායමක් ලෙස එක්වී විනෝද විය හැකි ක්‍රියාකාරකමක්. තවද, එකම ක්ෂේත්‍රයට අයත් සුවිශේෂී කණ්ඩායමක් එක්වී සිටියා. මෙම වැඩසටහන සමස්ත බැංකු ක්ෂේත්‍රයටම ආදර්ශයක් වනු ඇති බවත්, ඉදිරියේදී තවත් බැංකු ආයතන මෙම වැඩසටහන සමග එක්වනු ඇති බවත් අප විශ්වාස කරනවා. පාපැදියෙන් රැකියාවෙන් ඒමට ජනතාව වැඩි වැඩියෙන් පෙළඹෙන්නේ නම් අපට මාර්ගයේ ධාවනය වන වාහන ප්‍රමාණය අවම කිරීමට පුළුවන්. එය රථවාහන තදබදය අවම කිරීමටත් මහාමාර්ගයේ ආරක්ෂාව වැඩි කිරීමටත් උපකාරී වනවා. එමෙන්ම බැංකු ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සමග එකට පාපැදි සවාරියේ නිරත වීමට අවස්ථාව ලැබීම අප කාටත් සුවිශේෂී අත්දැකීමක්.” සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ලලිත් වේරගොඩ මහතා පැවසී ය.

“අපගේ පාර්ශවකරුවන්ගේ යහපැවැත්මට මුල්තැන දෙන ආයතනයක් වශයෙන්, මෙම කාලීන වැඩසටහනට දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. අප එදිනෙදා සිදුකරන ක්‍රියාකාරකම් මගින් පරිසරයට සැලකිය යුතු බලපෑමක් එල්ල වෙනවා. පරිසරයට එක්වන කාබන් ප්‍රතිශතය අවම කරමින් වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කරන අතරම ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන සමග එක්වන මෙන් සියලු දෙනාට ආරාධනා කිරීමට අප කැමතියි.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අවදානම් කළමනාකරණ අංශ ප්‍රධානී නිලධාරී චමිල සුමතිරත්න මහතා පැවසී ය.

කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පාපැදි භාවිතයට අදාළ පහසුකම් සැපයීම සඳහා හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සහ DFCC බැංකුව මේ වනවිට සැලකිය යුතු මට්ටමේ ආයෝජනයන් සිදුකර තිබේ. “Bankers on Bicycles” වැඩසටහන් සඳහාද මෙම පහසුකම් සැපයීමට එම බැංකු ඉදිරිපත් වී සිටී. බයිසිකල් නැවැත්වීමේ පහසුකම්, පාපැදි වලට සේවා සපයන ස්ථාන හඳුන්වා දීම සහ පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීම යනාදිය මීට ඇතුළත් ය. මෙම බැංකු ආයතන අතර ඇතිකරගෙන තිබෙන සහයෝගීත්වය, පොදු අභියෝග ජයගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධ මනා උදාහරණයකි. ඉදිරියේදී තවත් බැංකු ආයතන මෙම වැඩසටහන සමග එක්වනු ඇතැයි “Bankers on Bicycles” සමග සම්බන්ධ වී සිටින මෙම බැංකු ආයතන අපේක්ෂා කරයි. ඒ ඔස්සේ මෙම වැඩසටහන දිවයින පුරාම වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින්, බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ නිරෝගී ජීවන රටාවක් ඇතිකිරීම සඳහා කටයුතු කරනු ඇත.

පිටපත – PR

Post Views: 1
Previous Post

පාසැල් බස් රථ කඩිනමින් ධාවනයට එක්කරනවා – ප්‍රවාහන ඇමැති බන්දුල

Next Post

මේ ආණ්ඩුව විසින් මර්දනය කරන්නේ තෝරා ගත්ත පිරිසක් – තීක්ෂණ ගම්මන්පිල

editor

editor

Next Post

මේ ආණ්ඩුව විසින් මර්දනය කරන්නේ තෝරා ගත්ත පිරිසක් - තීක්ෂණ ගම්මන්පිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved