• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

3 January 2024
in දේශීය, පුවත්
සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් ස්වාධින නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර එ් තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ‘‘ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙන් සියයට 60 ක් අධික දුෂ්කරතාවයකට පත්වී සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. රටෙන් සියයට 90 ක් ජීවත් වීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිතා කරන බව ද එම සමික්ෂණයෙන් හෙළි වී තිබෙනවා. වැට් බදු වැඩි කිරිම හරහා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩියෙන්ම පිඩාවට පත්වී ඇත්තේ රටේ අහිංසක දරුවන්. දරුවන්ගේ පෝෂණය සඳහා ලබාදෙන ආහාර සඳහා වැට් බද්ද අය නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් ඊට හොද ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ආණ්ඩුව කියනවා අවුරුදු 20 කට පසුව භාණ්ඩාගාරයේ සියලුම බිල්පත් ගෙවන්න හැකි වුණා කියලා. ඒක හොද දෙයක්. ඒ බිල්පත් ගෙවීම සඳහා ජනතාවට අධිකලෙස බදු පැටවීම හරහා ජනතාවට ජිවත් වීමට නොහැකි වෙනවා. ආණ්ඩුව බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා බදු එකතු වෙලා තිබෙනවා. බිලියන 3100 ක් පමණ බදු එකතු වෙලා තිබෙනවා. දළ දේශිය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 11.2 ක් බදු ලෙස එකතු කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අගය සියයට 13 කට ගෙන ඒමට රජය උත්සහ කරන බව වාර්තා වෙනවා. සියයට 8 ට වඩා අඩුවෙන් තිබුණ දළ දේශීය නිෂ්පාදනය සියයට 11.2 ක් දක්වා ගෙනියවා කියන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන් ගත්තොත් සතුටු වෙන්න පුලුවන් කාරණයක්. නමුත් ඒ සතුටු වෙන කාරණය ලබාගැනීමට ජනතාව විදින දුක දිහා බැලුව සතුටුවෙන්න පුලුවන් කාරණයක් නෑ. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔවුන් ගත්ත ණය රටේ ඇතිවුණ ආර්ථික අර්බුධය හේතුවෙන් ඔවුන්ට ගෙවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් උකස් කළ ඔවුන්ගේ දේපළ බැංකු මගින් වෙන්දේසි කරලා විකුණලා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දුන්න ණය ප්‍රමාණය පුලුවන් තරම් ලබාගැනීමට බැංකු කටයුතු කරනවා. මේ කටයුත්ත තර්කානුකූලව ලැබුවොත් නිවැරදියි නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වුණේ ඇයි කියලා කිසිම අවධානයක් යොමුවෙන තත්ත්වයක් නෑ. මේ ප්‍රශ්නය පිළිබඳව සාධාරණ ආකාරයෙන් බැලිය යුතුයි. සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධාන ආණ්ඩුව තුළින් ණය ගෙවා ගැනීමට නොහැකිව හිර වෙලා සිටින පුද්ගලයන් සඳහා අලුත් නීතියක් ගේනවා. ඒ පිළිබදව අපි අධ්‍යනය කරමින් සිටිනවා. සමගි ජනබලවේගය ආර්ථික වැඩපිළිවෙල ගැන ගැඹරින් මේ දිනවල සාකච්ඡා කරනවා. අපේ විද්වත් කමිටු හරහා විවිධ සාකච්ඡා පවත්වනවා. රටේ තිබෙන ආර්ථික අර්බුදය කොතරම් ව්‍යාකූල වෙලාද කියන කාරණය ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා. ආණ්ඩුව මාරු වුණ ගමන් වැඩපිළිවෙලක් සකස් කරන්න කාලයක් නෑ. ඒ නිසා මේ දිනවල ආර්ථික වැඩපිළිවෙල සකස් කරමින් පවතිනවා. ආණ්ඩුව මාරු වුණ ගමන් ඒ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම ආරම්භ කරනවා. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා ඊළග ආණ්ඩුව සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සතුවන බව. ඒ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල ගැන අපිට සියයට සීයක හොද අවබෝධයක් තිබෙනවා. රටේ වෙළඳපොල ආර්ථිකයක් ගොඩ නගන්නේ කොහොමද කියන සැලසුම පිළිබඳව අපි කතා කරලා තිබෙනවා.

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ සිදුකරන ප්‍රධාන කාර්යයක් තමයි ස්වාධින නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කිරිම. දේශපාලනින බලපෑම් වලින් තොරව වැඩකරන්න ඒ කාර්යාලයේ නිලධාරීන්ට බලතල දෙන්න ඕන. එතකොට නඩු කටයුතු ඉදිරියට කරගෙන යන්න පුලුවන්. දේශපාලනින බලපෑම් එල්ල වුණොත් ඒ ගොනු කරන නඩු ඉල්ලා අස් කරගන්නවා. කෙටි කාලින රැලිවලට සජබය කලබල වෙන්නේ නෑ. සජබය දූරදර්ශියි. සජබ දේශපාලන භාවිතාව රටේ ජනතාව දන්නවා. සජිත් ප්‍රේමදාසව සමගි ජනබලවේගයේ නායකා ලෙස පත් කරගෙන එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවේ සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්න. ඒ වැඩපිළිවෙල සඳහා සජබයේ සියලු දෙනා කැප වෙලා වැඩ කරනවා. රට ගොඩගන්න වැඩපිළිවෙලක් සමගි ජනබලවේගය ඉදිරියට අරගෙන ඇවිත් තිබෙනවා. 2048 රට සංවර්ධනය කරන්න නම් රටේ ආර්ථිකය සෑම වසරකම සියයට 8 බැගින් වර්ධනය විය යුතුයි. ඒක ලේසි වැඩක් නෙවෙයි. මිනිස්සුන්ට ඇත්ත ප්‍රකාශ කළාම මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නැගෙනවා. සමගි ජනබලවේගය නිර්මාණය කරන වැඩපිළිවෙල සමඟ සියලු දෙනාට එකතු වෙන්න පුලුවන්. සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජනසන්ධාන රජය රට තුළ නිර්මාණය කරන්නේ සමාජ වෙළඳපොල ආර්ථිකයක්. එහි එක් කොටසක් තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් කොටස තමයි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය. සමාජ සාධාරණත්වය තිබෙන වෙළඳපොලක් හරහා පමණයි ලංකාව දියුණු කරන්න පුලුවන්. රට ගොඩ ගන්න ලිං මැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා බෑ. ඒ සඳහා දැවැන්ත ආර්ථිකප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙනවා. එසේ නොකර රට ගොඩ ගන්න බෑ. ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 34
Previous Post

අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා – ඇමැති ටිරාන්

Next Post

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

editor ttvnews

editor ttvnews

Next Post
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved