27 April 2024
#දේශීය

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) ඊයේ ( 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් ඊව් ලු කෝ, ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිළ වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී ඕරොලියෙන් මෙලේ (Aurelien Maillet) සහ ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් නෝබට් ගේන් (Group Captain Norbert GAINE), ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත නාවික කොමසාරිස් රොබටෝ ලීමෝස් (Navy Commissioner Roberto LEMOS) හා ජෝන් බැප්ටිස් ටෲශේ (Jean – Baptiste TROUCHE) මහතා සහ ආරක්‍ෂක උපදේශක සහායක සෙඩ්ඩ්‍රික් ෆෝනිය (Adjutant Cedric FOURNIER) යන නිලධාරීන් සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

 

Defence Attaché of French Embassy in New Delhi calls on Commander of the Navy

 

The Defence Attaché of the French Embassy in New Delhi and accredited to Sri Lanka, Captain Yves LE CORRE paid a courtesy call on Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne at the Navy Headquarters today (06th October 2021).

The meeting was the first official interaction between Vice Admiral Nishantha Ulugetenne and Captain Yves LE CORRE and their discussion focused on cooperation between the navies of both countries as well as several matters of bilateral importance.

Further, Deputy Head of Mission, Mr. Aurélien Maillet at the French Embassy in Colombo, Deputy Defence Attaché of the French Embassy in New Delhi, Group Captain Norbert GAINE, Navy Commissioner, Roberto LEMOS and Mr. Jean Baptiste TROUCHE from the French Ministry of Foreign Affairs and Defence Attachés’ Assistant, Adjutant Cedric FOURNIER were also present on this occasion. Concluding the meeting, mementoes were also exchanged as symbols of friendship and understanding.

Leave a comment

Your email address will not be published. Required fields are marked *