ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ ඉන්ධන ලබාගැනීමේදී අංක තහඩු නොමැති වාහන හිමිකරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලුවලට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසඳුම් ඉදිරිපත් කරයි. ඒ අනුව, වාහනයේ අංක තහඩු නොමැති වුවද ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහන ලියාපදිංචි පොත හෝ රක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන ලබාගත හැකිය. QR පද්ධතිය හරහා පවතින තදබදය හෙට උදෑසන වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනවශ්‍ය පීඩනයකින් තොරව ඉන්ධන ලබාගැනීමට ජනතාවට සහාය වීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.














