• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සිද්ධස්ථාන සංවර්ධනයට ඉන්දිය අගමැතිගෙන් අරමුදලක් – විදේශ ඇමැති

6 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීම තුළ ලංකාවේ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා ඇ.ඩොලර් මිලියන 15 අරමුදලක් ශ්‍රි ලංකාව වෙත ස්ථාපිත කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්, “ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ශ්‍රි හර්ෂ්වර්ධන් ශ්‍රිලාල් මැතිතුමා දින 03 ක සංචාරයක් සඳහා අපේ රටට පැමිණියා. එතුමා පැමිණියේ ශ්‍රි ලංකා රජයේ ආරාධනාවක් අනුවයි. එතුමා පැමිණියේ එක ව්‍යාපෘතියකට හෝ එක විෂයකට සම්බන්ධ දෙයක් සඳහා නොවේ. ඉන්දියාව හා ලංකාව අතර තිබෙන ද්වීපාර්ශවික සම්බන්ධතාවය කිසිසේත් සීමා කරන්න පුළුවන්කමක් නෑ. ඉතිහාසයේ මුල සිට සමීප සම්බන්ධතාවයක් මුල ඉදන්ම ඉන්දියාව සමඟ තිබුණා. දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික ක්ෂේත්‍ර සියල්ලම ආවරණය වන විදිහට අංග සම්පූර්ණ සම්බන්ධතාවයක් තමයි මුල ඉඳන්ම ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර තිබුණේ. මේ සියල්ල අභිවාව යන සාධකයක් තමයි රටවල් දෙකේ ජනතාව අතර තිබෙන්නේ. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රි නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පෞද්ගලික මැදහත්වීම මත ඇමරිකානු ඩොලර් මිලියන 15 ක අරමුදලක් ශ්‍රි ලංකාවේ පන්සල, පිරිවෙන්, කෝවිල් වල යහපත සඳහා ස්ථාපිත කරලා තිබෙනවා. එසේම ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමා උපදෙස් දිලා තිබෙනවා ශ්‍රි ලංකාවේ සිටින ඉන්දියානු තානාපතිතුමාට සෑම අවුරුද්දේම ඇ.ඩොලර් මිලියන 03 ක් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා භාවිතා කළ යුතුයි කියලා. ඒ වගේම ඔක්තෝම්බර් 20 දා ඉතාමත් වැදගත් සිද්ධියක් සිදුවෙනවා. ඉන්දියාව ප්‍රථම බෞද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂ් නගර් නගරයේ හදලා තිබෙනවා. මෙය ජාත්‍යන්තර මට්ටමට වර්ධනය කර තිබෙනවා. මෙම ගුවන්තොටුපලට ප්‍රථම ගුවන් ගමන පැමිණෙන්නේ ශ්‍රි ලංකාවයි. අපේ රටේ භික්ෂූන් වහන්සේලා 100 නමක් පමණ ඒ සංචාරයට එක්වීමට නියමිත වෙලා තිබෙනවා. කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණදීම සඳහා අපිට අවශ්‍ය වූ එන්නත් මහා පරිමාණයක් ඉන්දියාව තුළින් ආධාර වශයෙන් ලබා දුන්නා. ඒ පිළිබඳව ශ්‍රි ලංකා රජය කෘතඥතාවය ඉන්දියාවට පල කරනවා. එසේම සංචාරක කර්මාන්තය ක්‍රමක් ක්‍රමයෙන් ආරම්භ වෙනවා. මෙම සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයට අවුරුද්දකට ඇ.ඩෝලර් බිලියන 4.2 ක් වෙනවා. මෙකි සංචාරක කර්මාන්තයට විශාල සංඛ්‍යාවක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. එසේම ඉන්දියාව මහා පරිමාණ ආයොජන අපේ රටට කරන්න සූදානමින් සිටිනවා. ඖෂධ නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණය අපේ රටේ ආර්ථිකයට නව ජීවයක්, ශක්තියක් එකතු කිරීම පිළිබඳ ඉන්දියාව විශේෂයෙන් මෙකි ක්ෂේත්‍ර දෙක හඳුනාගෙන තිබෙනවා. ශ්‍රි ලංකා රජය උත්සහ කරන්නේ ආයෝජන මණ්ඩලයේ අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක අධිකාරිය, තේ මණ්ඩලය මේ සියල්ල එකතු කරගෙන ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමටයි. ඒ තුළින් ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර තිබෙන ආර්ථික සම්බන්ධතාවය වඩාත් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට හැකියි. එසේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළබඳව විශේෂ අවධානයක් යොමුවි තිබෙනවා. 1986 හා 2003 මේ සඳහා ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන්නේ. අද ක්‍රියාත්මක වෙන්නේ ඒ ගිවිසුම්. අලුතින් නිර්මාණය වුනු ගිවිසුම් නොවේ. අපේ රටට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඉන්දියාව සමඟ සාකච්ඡා දැන් කරනු ලබන්නේ. රටේ කතාබහට ලක්වි තිබෙනවා පැන්ඩෝරා ප්‍රශ්නය. මෙම පැන්ඩෝරා ලියවිලි 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් කෙසේද ආයෝජනය වෙලා තිබෙන්නේ කියලා අන්තර්ගත වෙලා තිබෙන්නේ. 1900 ඉඳලා 2000 දක්වා මහින්ද රාජපක්ෂ යුගය ආරම්භ වෙලා තිබුණේ නෑ. ඒ කාල වකවානුව රාජපක්ෂ රජයට කිසිසේත් අදාල වන කාල වකවානුවක් නොවේ. නමුත් ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය තමයි මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් පැවැත්විය යුතුයි කියලා. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

2022 වසරට ගිනි අවි බලපත් නිකුත් කිරීම දෙසැම්බර් මස 01 වනදා සිට

Next Post

9 වන පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව ඉදිරිපත් කරයි 

editor

editor

Next Post

9 වන පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව ඉදිරිපත් කරයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved