27 April 2024
#දේශීය

2022 වසරට ගිනි අවි බලපත් නිකුත් කිරීම දෙසැම්බර් මස 01 වනදා සිට

ගිනිඅවි සඳහා බලපත්‍රහිමි පුද්ගලයින්/ ආයතන විසින් 2022 වර්ෂය සඳහා බලපත්‍ර එළැඹෙන දෙසැම්බර් 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා අලුත් කර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව පෙබරවාරි මස 28 වන දිනෙන් පසුව 2022 වර්ෂය සදහා ගිනි අවි බලපත්‍ර අලුත් නොකරන්නේම් තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වංලගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *