• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයෙන් පසු තවදුරටත් සහාය දෙනවා – ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ

29 June 2022
in දේශීය

පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දිය හැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වෝස් (Faris Hadad-Zervos) මහතා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (29) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 17කි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව ද සර්වෝස් මහතා කියා සිටි.

රට තුළ දැනට පවතින තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිතුමා ලෝක බැංකුවෙන් වෙන් කෙරෙන ණය ආධාර බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.

බදු වැඩිකිරීම, ඩීසල්, භූමිතෙල් සහනාධාර ඉවත් කිරීම ධීවර ඇතුළු පාර්ශ්ව රැසකට තදින් බලපායි. එමෙන්ම අවදානම් තත්ත්වයේ පසුවන සෙසු කණ්ඩායම් කෙරෙහි ද රජය සැලකිලිමත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමේ දී මේ කරුණු පිළිබඳ සලකා බැලීමට සිදුවන බව ජනාධිපතිවරයා පැවසීය.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා (Chiyo Kanda), ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක (Asela Dissanayake), පුහුණු කළමනාකරු ගාබි ජොර්ජ් අෆ්රම් (Gabi George Afram), පෞද්ගලික අංශ විශේෂඥ පීටර් මවුස්ලි (Peter Mousley), මූල්‍ය අංශයේ විශේෂඥ මිකේල් ඩික්මන් (Miquel Dijkman), ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ කිෂාන් අබේගුණවර්ධන (Kishan Abeygunawardana) හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හිමාලි බෝගොඩගෙදර සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව සතියට දින දෙකක් වැඩ නෑ

Next Post

අපිට වැරදුනේ නැහැ වැරැද්දුවා – රවි කුමුදේශ්

editor

editor

Next Post

අපිට වැරදුනේ නැහැ වැරැද්දුවා - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved