27 April 2024
#විදෙස්

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

G20 සමුළුවට සහභාගීවිම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගොස් ඇත. ජපානයේ සිටින ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත මෝදිව උණුසුම් පිළිගැනීම් කර තිබේ.

6 වන G20 සමුළුව ජුනි 28 සිට 29 දක්වා ඔසාකාහිදී පැවැත්වේ.එයට ලොව සිටින බලවත් රාජ්‍යයන් වල රාජ්‍ය නායකයින් සහභාගී වනු ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සමුළුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ ලෝක නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

G20 සමුළුව සහභාගී වන මෝදී අග්‍රාමාත්‍යවරයා සිය රටේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ රටට ඇති විය හැකි ත්‍රස්තවාදී අභියෝගයන් හා එයට මුහුණ දීම සඳහා සිදු කරනු ලබන උත්සාහයන් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දැනුවත් කිරීම් සිදු කරනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *