ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ, වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස ගැටී ඇත. අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථයේ ආරක්ෂිත බැලූන (Airbags) නිසි පරිදි ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ගමන් කළ පිරිසට කිසිදු බරපතළ හානියක් සිදු නොවී දිවි බේරා ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














