• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝටර් රථ වායු බැලූන දෝෂයකින් සිදුවූ දෙවන මරණය

28 February 2026
in දේශීය, පුවත්
මෝටර් රථ වායු බැලූන දෝෂයකින් සිදුවූ දෙවන මරණය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් රථවල රියැදුරු ආරක්ෂාව වෙනුවෙන් සවිකර ඇති වායු බැලූනයක් (Airbag) පිපිරී යාම හේතුවෙන් මෙරට සිදුවූ දෙවන මරණය ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන 63 හැවිරිදි හේමසිරි රණවීර මහතාය. ඉකුත් ජනවාරි 31 වැනිදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අසලදී සිය මෝටර් රථය තාප්පයක ගැටීමෙන් ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය ඉතා අඩු වේගයකින් ධාවනය වී තිබුණද, වායු බැලූනය විවෘත වීමේදී සිදු වූ පිපිරීමකින් විසි වූ ලෝහමය කොටසක් ඔහුගේ මුහුණ පසාරු කරගෙන ගොස් සුෂුම්නාවට හානි කිරීම මරණයට සෘජු හේතුව වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී සසිනි නිරුදිකා ගමගේ මහත්මිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ, මියගිය පුද්ගලයාගේ සිරුරේ වෙනත් බරපතළ තුවාල නොතිබූ බවයි. වායු බැලූනය ඇතුළත තිබූ කුඩා ලෝහ කැබැල්ලක් හකු අස්ථි හරහා බෙල්ල පිටුපසට ගමන් කිරීම නිසා අධික රුධිර වහනයක් සිදුවී ඇති අතර, මෙය මෝටර් රථ ආරක්ෂණ පද්ධතියේ පවතින නිෂ්පාදන දෝෂයක් බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කර ඇත. මීට පෙර 2023 වසරේදී හොරණ ප්‍රදේශයේදී ද මෙවැනිම ආකාරයේ අනතුරකින් නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයකු වූ ආචාර්ය විමුක්ති ජයවීර මහතා මියගිය අතර, එය මෙරට වාර්තා වූ පළමු වායු බැලූන මරණයයි.
අදාළ වාහන නිෂ්පාදන සමාගම් විසින් දෝෂ සහිත වායු බැලූන සහිත වාහන නැවත කැඳවීමට මීට පෙර පියවර ගෙන තිබුණද, තවමත් එවැනි අනාරක්ෂිත වාහන මාර්ගවල ධාවනය වන බව මෙම අනතුරින් පැහැදිලි වන බව බලධාරීහු පෙන්වා දෙති. එබැවින් තමන් පදවන වාහනයේ වායු බැලූන පද්ධතිය නිෂ්පාදකයා විසින් සහතික කරන ලද ආරක්ෂිත තත්ත්වයේ පවතීදැයි වහාම පරීක්ෂා කර ගන්නා ලෙස අධිකරණ වෛද්‍ය විශේෂඥ පනීත සෙනෙවිරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

න්‍යෂ්ටික සාකච්ඡා අතරමැද ඉරානයෙන් ඇමරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමට නව විධිමත් ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමට නව විධිමත් ක්‍රමවේදයක්

විදුහල්පතිවරුන් ස්ථානගත කිරීමට නව විධිමත් ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාකිස්ථාන – ඇෆ්ගන් දේශසීමා ගැටුම් උත්සන්න වෙයි

පාකිස්ථාන – ඇෆ්ගන් දේශසීමා ගැටුම් උත්සන්න වෙයි

28 February 2026
ඉශ්‍රායෙලයෙන් ඉරානයට ප්‍රහාර

ඉශ්‍රායෙලයෙන් ඉරානයට ප්‍රහාර

28 February 2026
ඉක්ලිම් අල්-තුෆාහි ගම්මානවලට ඉශ්‍රායෙලයෙන් ගුවන් ප්‍රහාර

ඉක්ලිම් අල්-තුෆාහි ගම්මානවලට ඉශ්‍රායෙලයෙන් ගුවන් ප්‍රහාර

28 February 2026
උතුරු කොරියානු පක්ෂ කොංග්‍රසයෙන් පසු කිම් ජොන්ග් උන් විසින් නිලධාරීන්ට සහ දියණියට රයිෆල් තෑගි කරයි

උතුරු කොරියානු පක්ෂ කොංග්‍රසයෙන් පසු කිම් ජොන්ග් උන් විසින් නිලධාරීන්ට සහ දියණියට රයිෆල් තෑගි කරයි

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉශ්‍රායෙලයෙන් ඉරානයට ප්‍රහාර

ඉශ්‍රායෙලයෙන් ඉරානයට ප්‍රහාර

28 February 2026
ඉක්ලිම් අල්-තුෆාහි ගම්මානවලට ඉශ්‍රායෙලයෙන් ගුවන් ප්‍රහාර

ඉක්ලිම් අල්-තුෆාහි ගම්මානවලට ඉශ්‍රායෙලයෙන් ගුවන් ප්‍රහාර

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved