යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයන ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ (FSP) කාර්යාලයේ භුක්තිය යළි එම පක්ෂයට සහ එහි අනුබද්ධ වෘත්තීය සමිති වෙත ලබාදෙන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (මාර්තු 30) නියෝග කළාය. 2025 සැප්තැම්බර් 02 දින ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP) පිරිසක් විසින් මෙම කාර්යාලයට පහර දී එය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නීති විරෝධී බව අධිකරණය මෙහිදී තීන්දු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත මහතා ඇතුළු පැමිණිලිකරුවන් දස දෙනෙකු විසින් ප්‍රාථමික නඩු විධාන පනතේ 66 වගන්තිය යටතේ පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු 20 දෙනෙකු නම් කර සිටි අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ දේපළෙහි සැබෑ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතු බව සනාථ විය.
මුලින්ම අධිකරණය විසින් මෙම දේපළෙහි භාරකාරත්වය පොලිසියට පවරා ජවිපෙ සාමාජිකයන් ඉවත් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර, අද ලබාදුන් අවසන් තීන්දුව මගින් අදාළ දේපළෙහි භුක්තිය යළි පැමිණිලිකාර පාර්ශවයට භාරදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. මිරිහාන පොලිසිය එදින නීතිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බවට ද පෙත්සම්කරුවන් මෙහිදී චෝදනා කර තිබුණි.
. ගම්පහ අධිකරණ විශේෂ













