ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධානතම ආධාරකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. “උඩුගම්පල අලයා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි මොහු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසද පොලිස් පොත්වල දත්තගත වී ඇති අයෙකි.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොලීසිය නිල වශයෙන් දැනුවත් කිරීමට නියමිතය. අනතුරුව ඔහුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.














