ඉරානයට එරෙහි යුධ මෙහෙයුම්වලදී ඉතාලියේ සහය අහිමි වීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි කණගාටුව සහ අප්‍රසාදය පළ කර තිබේ. තම සමීපතම දේශපාලන සගයෙකු ලෙස සැලකූ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිට, මෙම අර්බුදකාරී අවස්ථාවේදී අමෙරිකාව සමඟ එක්වීමට තරම් “ධෛර්යයක්” නොතිබූ බව ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
“මම ඇය ගැන කම්පනයට පත් වුණා. ඇයට ධෛර්යයක් ඇති බව මම සිතුවෙමි, නමුත් මම වැරදියි,” යනුවෙන් පවසමින් ට්‍රම්ප් ඇයව ප්‍රසිද්ධියේ විවේචනය කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ මෙහෙයුම් සඳහා සහාය නොදීම සහ ලියෝ පාප් වහන්සේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයන් මෙලෝනි විසින් විවේචනය කිරීම මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම තවදුරටත් උත්සන්න වීමට හේතු වී තිබේ.














