• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ළමා අපචාරක ගේරි ග්ලිටර් බන්ධනාගාරය තුළ මරණාසන්නව වසර 16ක සිරදඬුවම ගෙවමින් සිටියදී සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

20 March 2026
in පුවත්, විදෙස්
ළමා අපචාරක ගේරි ග්ලිටර් බන්ධනාගාරය තුළ මරණාසන්නව වසර 16ක සිරදඬුවම ගෙවමින් සිටියදී සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්කාලයක ග්ලැම්-රොක් (Glam-rock) සංගීත ලෝකයේ දැවැන්තයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ගේරි ග්ලිටර් (Gary Glitter) මේ වන විට බන්ධනාගාරය තුළ දැඩි ලෙස රෝගාතුරව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘Rock and Roll Part 2’ වැනි ජනප්‍රිය ගීත හරහා 70 දශකයේ ලොවක් වසඟ කළ, නමුත් පසුව දශක ගණනාවක් පුරා සිදුකළ දරුණු ළමා ලිංගික අපරාධ හේතුවෙන් සමාජයේ දැඩි පිළිකුලට ලක්වූ පෝල් ගැඩ් (Paul Gadd) හෙවත් ගේරි ග්ලිටර්, නිරිතදිග එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ සිය අවසන් කාලය ගත කරමින් සිටියි. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ 81 හැවිරිදි ඔහු මේ වන විට ඇවිදීමට නොහැකිව රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන අතර, ශ්‍රවණාබාධයකින් ද පෙළෙන බැවින් හඳුනාගත නොහැකි තරමට වැහැරී ගොස් ඇති බවයි.
දැරියන් තිදෙනෙකුට අපචාර කිරීමේ චෝදනාව මත වසර 16ක සිරදඬුවමක් විඳිමින් සිටින ඔහු, 2023 වසරේදී කෙටි කලකට නිදහස් කළ ද නැවතත් බාලවයස්කරුවන් සම්බන්ධ අනිසි හැසිරීම් හේතුවෙන් වහාම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි. ඔහුගේ අපරාධ ඉතිහාසය 1999 වසරේදී පරිගණකයේ ළමා අපචාර රූප තබා ගැනීමේ සිට 2006 වසරේදී වියට්නාමයේදී වයස අවුරුදු 10 සහ 11 යන වියේ පසුවූ දැරියන් දෙදෙනෙකුට අපචාර කිරීම දක්වා දිවයයි. පසුව 2012 වසරේදී බ්‍රිතාන්‍යයේ ‘Operation Yewtree’ විමර්ශනය යටතේ නැවතත් අත්අඩංගුවට ගෙන වසර 16ක සිරදඬුවමක් නියම වූ අතර, ඔහුගේ සිරදඬුවම් කාලය 2031 වසර දක්වා පවතින බැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට පෙර එහිදීම මියයනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.
බන්ධනාගාරය තුළ ඔහුට අනෙකුත් සිරකරුවන්ගෙන් එල්ල විය හැකි තර්ජන සලකා බලා විශේෂ ඒකකයක රඳවා සිටින අතර, ඔහු දිනකට පැය 23ක්ම හුදකලාව සිය සිරකුටිය තුළ ගත කරන බව පැවසේ. වරක් ලොවම හඳුනන සුපිරි තරුවක්ව සිටි ඔහු අද වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සිරකරුවන්ගේ කිසිදු අනුකම්පාවකට ලක් නොවී හුදකලාව මරණය අපේක්ෂාවෙන් පසුවන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරු සහ සහායකයන් තිදෙනෙකු අත්අඩංගුවට

Next Post

බටහිර ආසියාවේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වන ප්‍රහාර අගමැති මෝදි හෙළා දකියි

Editor TTV News

Editor TTV News

Next Post
බටහිර ආසියාවේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වන ප්‍රහාර අගමැති මෝදි හෙළා දකියි

බටහිර ආසියාවේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වන ප්‍රහාර අගමැති මෝදි හෙළා දකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

22 March 2026
ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

22 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් නැහැ

ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් නැහැ

22 March 2026
නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

22 March 2026
ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved