• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඇති බව මහලේකම් සාගර කියයි

20 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද මේ රටට ලැබෙමින් පවතින්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක් බවත් එය තුළින් රටේ අරාජික තත්වයක් ඇති කරන්න පක්ෂයක් හැටියට කටයුතු නොකරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (20) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපි ගිය සතියේ සිකුරාදා අපේ පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවැත්තුවා. මේ තරම් සංවිධානාත්මක පිරිස් විසින් මඩගහන්න හදපු , අපවාද චෝදනා එල්ල කරන්න හදපු සම්මේලනයක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. ඒ වගේම මේ තරම් සාර්ථක පක්ෂ සම්මේලනයක් ලංකා ඉතිහාසයේ තිබිලත් නැහැ. ඒ නිසා මෙයින් අපේ පාක්ෂිකයෝ මේ රටට දැවැන්ත පණිවිඩයක් දිලා තිබෙනවා. ඒ පණිවිඩය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අදටත් මේ රටේ දැවැන්තම පක්ෂය, සංවිධානාත්මක පක්ෂය, අංක එකේ පක්ෂය ලෙස. පක්ෂයක් විදිහට අපි ආඩම්බර වෙනවා. පක්ෂයක් විදිහට ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ව මුහුණදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා. කුමන මැතිවරණයක් වේවා ඊළඟට පැමිණෙන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබන්න අපි මේ වන විට සූදානම්. මේ රටේ ජනතාවගේ ජිවන බර වැඩිවෙනමින් තිබෙනවා. මේ රටේ ජනතාවට වැට් බද්ද නිසා තවත් ඉදිරියට බඩු මිල ඉහළයෑමක් සිදුවෙන්න තිබෙනවා. මෙය නොවේ පක්ෂයක් විදිහට අපි මේ රටට දෙන්න බලාපොරොත්තු වුණේ. මහින්ද චින්තනය තුළිනුත්, සෞභාග්‍ය දැක්ම තුළිනුත් අපි මේ රටට ලබාදීපු දෙය නොවේ අද මේ රටට ලැබෙමින් පවතින්නේ. එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. පක්ෂයක් විදිහට මේ සියලුදේට සියයට සියක් ඒ ආකාරයෙන්ම එකඟ නොවුනත් මේ අවස්ථාවේදී රජය අපහසුතාවයට පත්කරලා මේ රටේ අරාජික තත්වයක් ඇති කරන්න පක්ෂයක් හැටියට අපි කැමති නැහැ. ඒ නිසා මේ තත්වයෙන් ගෙනියන්න පක්ෂයක් හැටියට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුළ ලබාදීම සිදුකළා. සමහර කාරණා සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නැති බවක් අපි පක්ෂයක් හැටියට ප්‍රකාශ කරනවා. මෙහි ඉතාම අවාසනාවන්තම තත්වය තමයි පහුගිය කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුතමාට සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව නඩුවක් පවරනවා. ඒ නඩුවේ තියුණු ප්‍රධාන චෝදනාවක් තමයි ලංකාවේ බදු මුදල් අඩු කරලා මේ රටට හානියක් කළා කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ එක් සාමාජිකයෙක් ජනතාවගේ බදු මුදල් අඩු කිරීම වරදක් කියලා තීන්දුවක් ලබාගන්නකොට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අනෙකුත් සාමාජිකයින් පාරේ උද්ඝෝෂණ කරනවා වැට් බද්ධ අඩු කරන්න, ආදායම් බදු අඩු කරන්න කියලා. මෙය දෛවයේ සරදමක්. ඔවුන් මේ සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කරන්න ඕන බදු මුදල් අඩුකරන්න කියලා පාරේ උද්ඝෝෂණ කරන්නයි, හිටපු ජනාධිපතිවරයා බදු මුදල් අඩු කළා කියලා ඒකට විරුද්ධව උසාවි යන්නයි මේ දෙබිඩි පිළිවෙතේ තේරුම මොකක්ද කියලා. ” යනුවෙන් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9
Previous Post

වෙරළ සම්පත් ආරක්ෂාව සහ කළමනාකරණය සඳහාවන පස් අවුරුදු සැලැස්ම ප්‍රකාශයට පත් කෙරේ

Next Post

රජය රටින් හාල් ගෙන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන- ආචාර්ය හර්ෂ

editor

editor

Next Post

රජය රටින් හාල් ගෙන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන- ආචාර්ය හර්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

4 July 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved