ලෝකයේ මෙතෙක් පැවති නීති මත පදනම් වූ පර්යාය (Rules-based world order) “තවදුරටත් නොපවතින” බව ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රිච් මර්ස් (Friedrich Merz) ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේය. වාර්ෂිකව පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුළුව ආරම්භ කරමින් ඔහු කියා සිටියේ, මහා බලවතුන්ගේ දේශපාලනය හමුවේ යුරෝපයේ නිදහස තවදුරටත් සහතික කළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට යුරෝපීයයන් සූදානම් විය යුතු බවත්ය.
චාන්සලර්වරයා මෙහිදී යුරෝපය සහ අමෙරිකාව අතර ඇති වී තිබෙන “ගැඹුරු බෙදීම” පිළිබඳව ද අවධාරණය කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට උත්සාහ කිරීම සහ යුරෝපා රටවලට පනවා ඇති වෙළඳ බදු ප්‍රතිපත්තිය (Tariffs) හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහුගේ කතාවෙන් ඉඟි විය.
මෙම අවස්ථාවට සහභාගී වී සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද මීට පෙර ප්‍රකාශ කළේ ලෝකය “භූදේශපාලනයේ නව යුගයකට” එළඹ ඇති බවයි. රුබියෝ හෙට (සෙනසුරාදා) මෙම සමුළුවේදී සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිත අතර, බටහිර බලවතුන් අතර පවතින මෙම සීතල යුද්ධය ලෝක ආරක්ෂාව කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දැඩි ලෙස සාකච්ඡා කෙරේ.














