• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න- සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි

18 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට පැවසිය.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය. ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීහු සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහි ද සාකච්ඡා විය.
සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යෝජනා කෙරිණ.

ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද තීරණය විය. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සංචාරකයන්ගේ පහසුකම් පිළිබඳව හා සංචාරය නිමවා පිටව යන අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

සියලු සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව ව්‍යවසායකයෝ පැවසූහ.

කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් ක‍ළේය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු, සංචාරක කරමාන්තයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Next Post

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමක – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

editor

editor

Next Post

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමක - රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved