කොරෝනා වෛරසයට ස්වසන රෝගයක් බවත් එම රෝගය මැඩලිමට ස්වසන රෝග විශේෂඥයින් කිසිවෙකු සම්බන්ධ නොකිරීම ගැටළු සහගත බව මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂන්ත මැදගෙදර මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ කොරෝනා වෛරස් කමිටුවේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන් හෝ වෛස් සම්බන්ධ කිසිදු විශේෂඥ වෛද්‍යවරුයෙකු නොමැති බවයි. මෙම රෝගය සම්බන්ධයෙන් අවවාද ලබා ගැනීමට මෙන්ම මඟපෙන්වීමට අවශ්‍ය වන පිරිස් බවයි වෛද්‍යවරයා අවධාරණය කළේය.
මෙම රෝගය සම්බන්ද නිවැරදි මඟ පෙන්වීම රජයට සහ ජනාධිපතිවරයාට ලබා දීමටනම් නිසි වෛද්‍යවරුන් කොරෝනා මැඩලීිමේ ජනාධිපති කාර්ය සාධක බලකායට ගත යුතු බව මැදගෙදර මහතා කියා සිටියේය.