27 April 2024
#දේශීය

ලබන 19 වනදා දක්වා නීතිරිතිවලට අනුව ඉන්න – ඇමැතිනි පවිත්‍රා

මාර්තු 19 දා සිට අප්‍රේල් 19 දා දක්වා දින 30ක කාලය ඇතුළත මේ රටේ සංචරණය සීමා වී ඇති නිසා කොරෝනා රෝග ලක්ෂණ හඳුනා ගැනීමට දින 30ක කාලය ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇය අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ තිබී එය පහව යෑමටත් දින 30න කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශය වී තිබෙන බවයි.

ඒ අනුව අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවට ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් අතරින් 80ක්ම විදේශ රටවල මිට මෙරටට පැමිණි පුද්ගලයන් බවත් සෙසු රෝගීන් ඔවුන් සමීපව ඇසුරු කළ අය බවත් වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

එසේම රට පුරා ඇඳිරි නීතිය පනවා රෝගය ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් විශල ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ඇය පැවැසුවාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *