මෙවර පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට තවත් දින 72ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී, ගානා ජාතික කණ්ඩායමේ (Black Stars) ප්‍රධාන පුහුණුකරු ඔටෝ ඇඩෝ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට ගානා පාපන්දු සංගමය (GFA) පියවර ගෙන තිබේ. පසුගිය සඳුදා ජර්මනිය හමුවේ 2-1ක් ලෙසත්, ඊට පෙර සිකුරාදා ඔස්ට්‍රියාව හමුවේ 5-1ක් ලෙසත් ගානා කණ්ඩායම ලැබූ අන්ත පරාජයන් මෙම තීරණයට හේතු වී ඇත.
ඔටෝ ඇඩෝ ගානා කණ්ඩායම සමඟ කළ සේවය අගය කරන බවත්, කණ්ඩායමේ ඉදිරි තාක්ෂණික මෙහෙයවීම් පිළිබඳව නුදුරේදීම දැනුම් දෙන බවත් ගානා පාපන්දු සංගමය නිකුත් කළ නිල නිවේදනයක දැක්වේ. ඇන්ටොයින් සෙමෙන්යෝ සහ මොහොමඩ් කුඩූස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටියද, 2025 අප්‍රිකානු කුසලානයට (AFCON) සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම සහ පිට පිට තරඟ හතරක් පරාජය වීම නිසා ඔහු කෙරෙහි පැවති විශ්වාසය බිඳී ගොස් තිබුණ
මෙවර ලෝක කුසලානයේදී එංගලන්තය සමඟ එකම කාණ්ඩයක තරඟ වදින ගානා කණ්ඩායම, සිය නව පුහුණුකරු කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක කුසලානය වැනි ප්‍රධාන තරඟාවලියකට ඉතා ආසන්නව මෙවැනි තීරණයක් ගැනීම කණ්ඩායමේ ඉදිරි ගමනට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ක්‍රීඩා විචාරකයින් විවිධ මත පළ කරති.














