• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැවැන්ත පූජා තියෙනවාට වඩා දරුවන්ට ආහාරයක් දෙන්න – කළමණාකර ඩබ්.එම් සුගත්

1 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශාල ප්‍රමාණයෙන් එකතු කරලා අලුත් සහල් මංගල්‍යය, දේව පූජාවන්, චෛත්‍යය වන්දනාවන් වගේ දැවැන්ත පූජා තියෙනවාට වඩා මේ දරුවන්ගේ ආහාර සඳහා මේක පාවිච්චි කරන එක හොඳයි කියලා හිතනවා යැයි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකර ඩබ්.එම් සුගත් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මහවැලි එච් කළාපයේ පාසල් 29 ක දරුවන් 4200 කට ආසන්න පිරිසක් සඳහා දිවා අහාර වේල ලබා දීම මහවැලි නිළධාරීන් හා මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන සියල්ලේ එකමුතුවෙන් අද (01) දින සිට ආරම්භ කරමිනි.

ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට අපහසුතා පවතින පාසල් දරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. එහි සමාරම්භක වැඩසටහන තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ කෙරුණු අතර, ඊට සමගාමීව අනෙක් පාසල් 28 තුළද දිවා ආහාර වේල ලබා දීම අද සමාරම්භ කෙරිණි.එහිදී තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ආහාර වේල් සඳහා අවශ්‍යය වියළි ආහාර ප්‍රදානය කිරීම, ගෙවතු වගාව සඳහා අවශ්‍යය පැළ බෙදා දීමද සිදු කෙරිණි.අනතුරුව අවශ්‍යය දරුවන් සඳහා දිවා ආහාර බෙදා දීමද සිදු කෙරිණි.

මහවැලි එච් කළාපයේ පාසල් 29 ක සිසු සිසුවියන් 4200 ක් සඳහා දෛනිකව ආහාර වේලක් ලබා දීම මහවැලි අධිකාරියේ මහවැලි එච් කළාපයේ නිළධාරීන් හා එම කළාපයේ ගොවි සංවිධාන කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සිය රාජකාරී කටයුතු වලට එහා ගොස් රජයේ මුදල් වැය නොකර, නිළධාරීන්ගේ, ගොවින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයන්ගෙන් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරනු ලබයි. වර්ථමානය තුළ මෙරටට බලපා ඇති ආර්ථික අභියෝගය හේතුවෙන් මහවැලි එච් කළාපයේ පාසල් දරුවන්ට සිදු වන බලපෑම අවම කිරීමේ අරමුණින් මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකර ඩබ්.එම් සුගත් වීරසිංහ මහතාගේ සංකල්පයන් මත පෝෂණ අවශ්‍යතා නොමැති පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර ලබා දීමේ වැඩසටහනට සමඟාමීව පාසැල් ඉගෙනුම් උපකරණ සපයා ගත නොහැකි අඩුආදායම්ලාභී පාසැල් දරුවන් සඳහා පාසල් උපකරණ නොමිලේ ලබා දීම, තෝරාගත් පාසැල් වල ගෙවතු සංවර්ධනය සඳහා පැළ හා බීජ කට්ටල ලබා දීම, තෝරාගත් පාසැල් සඳහා නොමිලේ සංගීත භාණ්ඩ ලබා දීම හා මහවැලි එච් කළාපයේ ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් සඳහා ක්‍රීඩා සංචිත පිහිටුවීමටද මහවැලි අධිකාරිය කටයුතු සංවිධානය කර ඇත.

එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ පවතින පාසල් 84 න් ආර්ථික අපහසුතා ඇති, මුලික පෝෂණ අවශ්‍යතා සපුරා ගත නොහැකි සිසු දරු දැරියන් ඉගෙනුම ලබන පාසල් 29 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, 6-13 ශ්‍රේණි වල සිසු සිසුවියන් 4200 කට ආසන්න පිරිසක් සඳහා දෛනිකව පාසල් පැවැත්වෙන සියලු දින වලදී මෙම අහාර වේල ලබා දීමට නියමිතය.ඒ සඳහා අවශ්‍යය වියළි ආහාර ද්‍රව්‍යය පාසල් වෙත ලබා දී පාසල් කමිටු හරහා ඒවා පිසීමත්, එම කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

පාසල් ඉගෙනුම් උපකරණ සපයා ගත නොහැකි පාසල් දරුවන්ට ඉගෙනුම් උපකරණ ලබා දීම වෙනුවෙන් පාසල් 11 ක් තුළ “පොත් බැංකුවක්” ස්ථාපනය කෙරෙන අතර, ඒ සඳහා පොත්, පෑන්, පැන්සල් ආදී ඉගෙනුම් උපකරණ ලබා දීම සිදු කෙරේ, පළමු අදියර යටතේ පාසල් 11 සඳහා, එක් පාසලකට රුපියල් 25000 ක් පමණ වටිනා උපකරණ බැගින් පරිත්‍යාග කෙරෙන අතර, පාසලේ ඉගෙනුම් උපකරණ මිලදී ගත නොහැකි සිසුන්ට ගුරුභවතුන් දැනුම්වත් කර අවශ්‍යය පාසල් උපකරණ පොත් බැංකුවෙන් ලබා ගත හැකිය.තවද කළාපයේ සියලු පාසල් සඳහා බීජ කට්ටල හා ගෙවතු සංවර්ධන පැළ ලබා දී පාසල් ගෙවත්ත වගා කිරීමට පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ, මීට අමතරව තෝරාගත් පාසල් 07 ක් සඳහා රුපියල් 488150 ක මුල්‍ය වටිනාකමකින් යුතු සංගීත භාණ්ඩ පරිත්‍යාග කිරීමටද, කළාපයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන ඒම සඳහා ක්‍රීඩා සංචිත පිහිටුවීමටද, ඒ අනුව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 0දෙනෙකු තෝරා ඔවුන්ට පුහුණු වීම් සිදු කිරීමට අවශ්‍යය පහසුකම් සැපයීම, පෝෂදායි ආහාර වේලක්, ක්‍රීඩා ඇඳුම් හා උපකරණ ආදිය සැපයීමටද මහවැලි අධිකාරිය කටයුතු කරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකර ඩබ්.එම් සුගත් වීරසිංහ මහතා,

මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන 225 ක් තියෙනවා, ඒ අය සමඟ අපි සාකච්ජා කරලා, පාසලට දිවා ආහාරය ගෙන ආ නොහැකි දරුවන්ට දිවා ආහාරය ලබා දීමට යෝජනා කළා, ඒ සඳහා සියලු ගොවි සංවිධාන කැමැත්ත පළ කලා.මේ සම්බන්ධයෙන් අපි ව්‍යාපාරික ප්‍රජාව දැනුම්වත් කළාම ඒ අයත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළා.අපිට අවශ්‍යතාව තිබුණේ දරුවන්ට අනන්‍යතාවෙන් තොරව ආහාර වේල ලබා දීමටයි.ඉදිරි මාසයක් සඳහා අවශ්‍යය ආහාර ද්‍රව්‍යය අපි අද පාසල වෙත භාර දුන්නා.ඊළඟ පියවරේදී කළාපයේ සියලු පාසල් සඳහා ආහාර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.මෙය මාසයකින් අවසන් කරන වැඩසටහනක් නෙමෙයි ඉදිරියට කර ගෙන යන්න කටයුතු කරනවා.මේ වැඩසටහනේදී දරුවන්ගේ ආහාර අවශ්‍යතාව පමණක් සම්පූර්ණ කිරීම නෙමෙයි, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා හොඳ මානසික මට්ටමකින් තමන්ගේ අධ්‍යපාන කටයුතු කිරීම සඳහා ලබා දෙන සහයක් හැටියටයි අපි දකින්නේ.

ආහාර තියෙන පාසලක් අපි ගොඩනගන්න ඔ්න, පාසලේ උයන තැනක් හදන්න ඔ්න, ගමේ කෙනෙක් ලග අතිරික්ත දෙයක් තියෙනවා නම් පාසලට ගෙනත් දීලා දරුවන්ට අඛණ්ඩව ආහාර සැපයිය හැකි මුලුතැන්ගෙයක් පාසල තුළ ගොඩනගන්න ඔ්න, ඒ වගේම ඇතැම් දරුවන්ට ලියන්න පොත් සහ පාසල් උපකරණ මිළදී ගැනීමේ හැකියාවක් නෑ, ඔවුන් වෙනුවෙන් පොත් ඇතුළු පාසල් උපකරණත් පාසල් 29 ක් සඳහා රුපියල් 25000 කට වැඩි වටිනාකමක් සහිත කට්ටලයක් ලබා දෙනවා.ඒවා අවශ්‍යය දරුවන්ට විදුහලෙන් ඉල්ලා ගත හැකියි.ඒ වගේම පාසල් ගෙවතු වගාව සඳහා අවශ්‍යය පැළ හා බීජ බෙදා දීමත් සිදු කරනවා.

අපි හැමදාම අලුත් සහල් මංගල්‍යය, දේව පූජාවන්, චෛත්‍යය වන්දනාවන් සඳහා විශාල වශයෙන් සහල් එකතු කරනවා, විශාල ලෙස ඒවාට වියදම් කරනවා, මේ කාළ සීමාව තුළ එකතු කරපු ද්‍රව්‍යය තමයි මේ දරුවන් වෙනුවෙන් ගෙනත් දුන්නේ, අපි දෙවියෝ, බුදුන් අදහන්නේ නැතිව නෙමෙයි, හැබැයි මං හිතනවා, ඒ විශාල ප්‍රමාණයෙන් එකතු කරලා දැවැන්ත පූජා තියෙනවාට වඩා මේ දරුවන්ගේ ආහාර සඳහා මේක පාවිච්චි කරන එක හොඳයි කියලා ගොවි සංවිධාන මේකට එකඟ වුණා යැයි පැවසීය.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මහාමාන්කඩවල ධම්මසිරි හිමි,

අපි හරියට සතුටු වෙනවා අද දවස ගැන හිතලා, අපිට තිබුණා ලොකු ගැටලුවක්,  පහුගිය වකවානුවේ මේ රට මුහුණ දුන්න තත්වයත් එක්ක, අපි දැක්කා අපේ පාසලේ දරුවන් 4000 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා, ඒ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් දරුවන් 600-700 ක් හැම දවසකම පාසලට එන්නේ සමහර විට උදේ ආහාරයත් නැතිව, අපි කථා කළා මේකට මොකද කරන්නේ කියලා.ඒ වෙලාවේ මහවැලි එච් කළාපය භාර නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමා ඇතුළු මහවැලි නිළධාරීන් එකතු වෙලා, ගොවි සංවිධාන එකතු කර ගෙන, අපිට අස්වැසිල්ලක් වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළා, ආහාර ටිකක් සපයගන්න බැරි අපේම ආදරනීය දරුවන්ට කෑම වේලක් ලබා දෙන්න කටයුතු කළා.අපි මේක ඉතා රහසිගතව කරන්නේ, , අනෙක් අයට දැනගන්න නැති වෙන්න මේ කෑම වේල දෙනවා. දරුවන්ට මානසික පීඩාවක් නොඑන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.මං මේක දකින්නේ මහා පිංකමක් ලෙස, අධ්‍යපානය ලබන දරුවන්ට ඉතා වැදගත් අත්වැලක්, මේක ඉතා සත්පුරුෂ කාර්යක් හැටියටයි මම දකින්නේ.බෞද්ධයන් හැටියට අපි දන්න ධර්මතාවය කෙනෙකුට කුස ගින්න නිවලා තමයි අනෙක් සියල්ල.මේ කාර්ය අපිට මහා ශක්තියක්, අපිට මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මහා ශක්තියක් යැයි පැවසූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මහවැලි අධිකාරියේ නිළධාරීන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්, ගුරුභවතුන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා පාසල් දරුවන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තාවගේ සක්‍රිය දායකත්වය ඉතා ඉහලයි – කර්මාන්ත ඇමති රමේෂ්

Next Post

පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායකවරයා අත්සන් තබයි

editor

editor

Next Post

පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායකවරයා අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved