ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර පොදුජන පෙරමුණ ගොඩනගන සන්ධානයේ සම නායකත්වයක් නොමැති බව පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් පවසයි.
” මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒ සන්ධානයේ 51%ක් අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන විකල්ප නෑ.
අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා මෛත්රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.”