27 April 2024
#දේශීය

යහ පාලනයටත් වඩා වැඩි නිදහසක් අද තිබෙන බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

72 වැනි නිදහස් දිනය සමරණ අද දවසේ යහ පාලනයට වඩා වැඩි නිදහසක් හැම අයුරකින්ම මේ රටේ ජනතාව අත් විදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්තික් පාර්ලිමේන්තු මන්ති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ 72 වැනි නිදහසට සමගාමීව නිවිතිගල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජයසේකර මහතා කියා සිටියේ හමුදා කේන්ද්රීය පාලනය වෙනුවට ජනතා කේන්ද්‍රිය පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රටේ රාජ්‍ය නායකයාම පෙරමුණ ගෙන සිටින බවය. රාජ්‍ය නායකයා සෑම අකාර්යක්ෂම අවිදිමත් ක්‍රම තුල පාලනය වන ආයතන වලට එක් වරම ඇතුළු වී නිරීක්ෂණය කරනුයේ මේ රටේ ජීවත් වන පක්ෂ විපක්ෂ සියලුම ජනතාවගේ දයිනික කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බව හෙතෙම පවසා සිටියේය.

ඒ වගේම නිර්දේශපාලනික රාජ්‍ය නායකයෙකු රටට ලැබී ඇති නිසා පක්ෂ විපක්ෂ , සහ සියලුම ආගම් අදහන ජනතාවටත් වෙනදාටත් වැඩ නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් අද නිර්මාණය වී ඇති බව පැවසීය.

වසර 30 ක යුද්ධය නිමකිරීමට තීරණාත්මක කාරයක් ඉෂ්ට කල රාජ්‍ය නිලධාරියා අද රටේ රාජ්‍ය නායකයා බවට පත්වී ඇති බවත් අන් කවරදාටත් වැඩ අද රාජ්‍ය සේවය සුරක්ෂිත සහ කාර්යක්ෂම වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශවාසින් තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවන ලදී .

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *