ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (21) උදෑසන වන විට යම් පහළ යෑමක් පෙන්නුම් කරන බව වාර්තා වනවා. ඒ අනුව ප්‍රධාන පෙළේ බොරතෙල් වර්ග දෙකෙහිම මිල ගණන්වල සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.
අද දින වාර්තා වූ නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.19ක් වන අතර ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.23ක් ලෙස සටහන් වනවා.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක තෙල් මිල දැඩි උච්චාවචනයකට ලක්ව ඇති පසුබිමක, මෙම මිල පහළ යෑම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට යම් සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත්, සැපයුම් දාමයේ පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම මිල ගණන් නැවත වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.













