• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම අධිවේගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙනවා කියන චෝදනාව යහපාලනය භාර ගත යුතුයි – රාජ්‍ය ඇමැති ලාන්සා

8 June 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙනවා කියන චෝදනාව යොමු වෙන්න ඕනේ එම සංවර්ධන ව්‍යපෘති සිදු කරගෙන යනකොට ඒවාට බාධා කරපු අයට හා මධ්‍යම අධිවේගයේ සැලසුම් වෙනස් කළ යහපාලන රජයට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (07) දින සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර පැති යට වෙනවා කියලා කියනවා. මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒවා කරගන්න බැරිවෙන්න ප්‍රායෝගිකව විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගයේ ගම්පහ ප්‍රදේශයේ කෘඩියා සිලනිකා ගහේ ප්‍රශ්නය නොදැම්මනම් මේ වෙනකොට එම ප්‍රදේශයේ ඇල මාර්ග හාරලා, ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගී මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබුනා. හැබැයි ඒ බාධා කරපු අයට තමයි මේ ගංවතුර ප්‍රශ්නයට අදාළ චෝදනා යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ගය යන්න තිබුනේ කුලුනු මතින්. යහ පාලනය ඇවිල්ලා ඒවා වෙනස් කළා. ඒ නිසා සමහර ප්‍රශ්න අපිට නිවැරදි කරගෙන යන්න සිදුවෙලා තියෙනවා.

2015 අග භාගයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහනෙන් සැලසුම් කරපු සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් යහපාලන කාලයේ සිද්ද වුනේ නැහැ. වසර පහකට පසුව අපි යළි එම ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කළා. වැඩ බිමක් වෙලා තිබුණු රට මුඩු බිමක් බවට පත්වුනේ යහ පාලන කාලයේ කියන එක ජනතාව විසින්ම කියන තත්ත්වයට පත් වුණා. විදෙස් රටවල අධිවේගී මාර්ග දැක්කම අපි හිතුවා කවද්ද අධිවේගී මාර්ග ලංකාවේ හැදෙන්නෙ කියලා. යුද්ධය ඉවරවුනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දියුණු අධිවේගී මාර්ග පද්ධතියක් ලංකාව තුළ ස්ථාපිත කරන්න කටයුතු කළා. ඒ විතරක් නෙමේ ගමේ පාර කාපට් සහ කොන්ක්‍රිට් ඇතිරීම දක්වා සංවර්ධනය ගෙන එන්න එතුමා කටයුතු කළා. සමහර විදෙස් රටවල් වලට වඩා ඉහළ සංවර්ධනයක් වෙමින් පැවති රටක් යහ පාලනය විසින් නවතා දැමුවා. සංවර්ධනය ඇණ හිටපු අවුරුදු පහටත් එක්කම කිලෝ මීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කරන්න අතිගරු ජනාධිපතිතුමා ඉලක්කයක් ලබා දීලා තියෙනවා.

අපි එන්නතකරණ කටයුතු කරන්න චීනෙන් සයිනෝෆාම් එන්නත ගේන්න හදනකොට ඒක නවත්තන්න විශාල උත්සාහයක් විපක්ෂය පාර්ලිමේන්තුවේ ඉදන් කළා. මේ එන්නත සුදුසු නැහැ. මේ එන්නත අනුමත කරලා නැහැ. මේ එන්නත ගැනීමෙන් අතුරු ආබාධ එනවා. හැබැයි මේ එන්නත ඇමරිකාව පවා පිළි අරගෙන තියෙනවා ලෝකයේ අංක එකටම තියෙන එන්නතක් විදියට. විපක්ෂය විසින් එහෙම බාධා ක⁣ළේ නැතිනම් අපිට මේ වෙනකොට මිලියන හයකට වැඩිය පිරිසකට එන්නත දීලා ඉවර කරන්න තිබුනා. මේ සියලු බාධක අපි ජයගෙන අපි එන්නත්කරණ වැඩපිළිවෙල කරගෙන යනවා. අපි හිතනවා ඉදිරි මාස දෙක තුළ එන්නත දෙන්න සුදුසු අයගෙන් සියයට හැත්තෑවකට වඩා එන්නත දීලා ඉවර කරන්න පුලුවන් කියලා. එහෙම වුනොත් අපිට සංවර්ධන කටයුතු හා අනෙකුත් වැඩසටහන් සාමාන්‍ය පරිදි කර ගෙන යන්න පුලුවන් වෙනවා. අපේ එන්න්තකරණ වැඩපිළිවෙලට රුසියාව,චීනය,ඉන්දියාව, ඇමරිකාව ඇතුලු රටවල් උදව් කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් – ඇමැති විමල්

Next Post

උපාධිධාරින්ට රැකියා දෙන්නැයි Online උද්ඝෝෂණයක් හෙට

editor

editor

Next Post

උපාධිධාරින්ට රැකියා දෙන්නැයි Online උද්ඝෝෂණයක් හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026
ත්‍රිකුණාමලයේ මිරිදිය ධීවරයින්ගේ  ජීවනෝපාය නගාසිටුවීමට  රුපියල් මිලියන 70ක උපකරණ

ත්‍රිකුණාමලයේ මිරිදිය ධීවරයින්ගේ ජීවනෝපාය නගාසිටුවීමට රුපියල් මිලියන 70ක උපකරණ

12 March 2026

Recent News

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved