27 April 2024
#දේශීය

උපාධිධාරින්ට රැකියා දෙන්නැයි Online උද්ඝෝෂණයක් හෙට

උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා සිදු කරන Online උද්ඝෝෂණය ජූනි 09 පෙ.ව 10.00 ට Zoom තාක්ෂණය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වාර්ෂිකව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ දී විධිමත් වැඩ පිළිවෙලක් නොමැති කමින් උපාධිධාරීන් බොහෝ දෙනෙකු අසාධාරණයට පත් වී ඇති බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය පවසයි.

එම සංගමය පවසා සිටින්නේ මෑත කාලීනව සිදු කරන ලද උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ද 2019/12/31 දිනට උපාධි වලංගු සැමට රැකියා ලබා නොදීම, 2020 සිට උපාධිය වලංගු වුවද රැකියා අවස්ථාව නොලැබීම, විශ්ව විද්‍යාලවල විභාග නොපැවැත්වීම නිසා උපාධිය ලබා ගැනීමට ප්‍රමාදවීම, EPF/ETF ගැටළු නිසා රැකියා අවස්ථාව අහිමි වීම සහ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා අහිමි වීම් සිදුව ඇති බවයි.

යන තත්වයන් යටතේ උපාධිධාරීන් බොහෝ පිරිසක් රැකියා විරහිතව දැඩි පීඩනයකට පත්ව සිටින අතර එම ගැටළු විසාඳා ගැනීමට මෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් හෙට දින මෙම උද්ඝෝෂණය සුදානම් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *