පරිශීලකයන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ සුවිශේෂී පහසුකමක් හඳුන්වා දීමට ගූගල් (Google) සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔබගේ පැරණි ඊමේල් පණිවිඩ (Emails) කිසිවක් අහිමි කර නොගෙන ඔබගේ Gmail ලිපිනය (Gmail ID) වෙනස් කිරීමට මින් ඉදිරියට හැකියාව ලැබෙනු ඇත. පසුගිය වසරේ අගභාගයේ සිට ගූගල් සමාගම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි අතර, දැන් එය ලොව පුරා සිටින සියලුම පරිශීලකයන් වෙත ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටී
මේ පිළිබඳව සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි (Sundar Pichai) මහතා පවසා ඇත්තේ, “2004 වසර ඉතා හොඳ වසරක් තමයි, නමුත් ඔබේ Gmail ලිපිනය තවදුරටත් ඒ කාලයේම හිරවෙලා තියෙන්න අවශ්‍ය නැහැ” යනුවෙනි. ඔබ කුඩා කාලයේදී හෝ මීට වසර ගණනාවකට පෙර දැමූ ගැලපෙන්නේ නැති ඊමේල් ලිපිනයන් වෙනස් කිරීමට මෙය කදිම අවස්ථාවකි














