• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝල් මරීනා මනූෂ විරුද්ධයි !

2 September 2018
in දේශීය

ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට ටෙන්ටර කැදවා ඇති ගෝල් මරීනා ව්‍යාපෘතිය පිළිබද සංවර්ධන කමිටුවක හෝ සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ඡා කරන කිසිදු ස්ථානයක සාකච්ඡා කර නොමැති බවත් සැකකටයුතු ආකාරයට ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට ලබාදීමේ උත්සාහයට තමන්ගේ දැඩි විරෝධය පළ කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ දී අද(02) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේ “ගෝල් මරීනා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ විදේශීය සමාගමක්. මේ සමාගම ඉදිරිපත් කරපු යෝජනාව අනුව, එම සමාගමට පමණක් ටෙන්ඩරය ලබාගත හැකි වන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරමින් තමයි ටෙන්ඩරය කැදවා තිබෙන්නේ. දැනටමත් මේවාට ටෙන්ඩර කැදවලා ඉවරයි. ඉන්දියානු සමාගමක්, ප්‍රංශ සමාගමක් සහ ස්විස්ටර්ලන්තයේ සමාගමක් ඇතුළු විදේශීය සමාගම් හතරක් තමයි ටෙන්ඩර ඉදිරිපත් කර තිබෙන්නේ. ඒත් ගාල්ලේ අපි මේවා ගැන කිසිම දෙයක් දන්නේ නෑ.

මේ අනුව විදේශ රටවලින් සුඛෝපභෝගී යාත්‍රා මගින් පැමිණෙන සංචාරකයින්ට ගාල්ල වරායට ඇවිත් විනෝද වෙලා නැවත එම යාත්‍රාවලින්ම යන්න පුලුවන්. ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකුත් මෙහි ස්ථාපිත කිරීමට සිදුවෙනවා. තීරු බදු රහිත වෙළදසැල් ආරම්භ කරනවා. මම මේ ගැන හොයලා බැලුවම තමයි මේවා හොයාගන්න පුලුවන් වුනේ.

මේවා කරන්නේ ගාල්ල වරායේ. රූමස්සල වෙරළ තීරයේ. ගාල්ල වරාය කියන්නේ ඓතිහාසික වශනේ හා පිහිටිම වශයෙන් වැදගත් ස්ථානයක තිබෙන වරායක්. මේ වරායේ කොටසක් විදේශ රටකට ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට වෙන බලපෑම කුමක්ද යන්න ගැන කිසිම තක්සේරුවක් කරලා නැහැ. ඒ ගැන සාකච්ඡා කරලා නෑ. මේ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා නම් ගාල්ලේ ජනතාවට වගකියන්න ඕන දේශපාලන නායකත්වය විදියට අපි දැනුවත් කරන්න ඕන. ඒ ගැන අපිට කිසිම කෙනෙක් දැනුම්දී නැහැ. ජනතාව දැනුවත් කරන්නේ නැතිව මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගිහින් ජනතා අපවාදයට ලක්වන්නට සිදුවන්නේ අපිට.

රූමස්සල වෙරළ තීරය ආසන්නයේ මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒකට පරිසර අධ්‍යනය වාර්තා අරගන්න ඕන. එයින් ගාල්ලට වන බලපෑම ගැන අධ්‍යයනයක් කරන්න ඕන. සංස්කෘතිමය නගරයක් වෙන ගාල්ලට වෙන බලපෑම මොකක්ද කියලා බලන්න ඕන. මේවා බලන්නේ නැතිව හිතුමතේට විදේශීය සමාගම් එක්ක එකතුවෙලා ව්‍යාපෘති කරනවාට අපි විරුද්ධයි.

සංචාරකයින් ගෙන්වා ගන්නා සංචාරක හෝටල් ව්‍යාපෘති ගාල්ලට අවශ්‍යයි. හැබැයි ඒවා ගාල්ලේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ ඒවා වෙන්න ඕන. ගාල්ලේ තරුණ තරුණියන්ට රැකියාවක් ලැබෙන්නේ නැති, ගාල්ලේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැති කිසිම දෙයක් ගාල්ලේ ක්‍රියාත්මක කරන්න මම ඉඩ දෙන්නේ නෑ. වරාය කියන්නේ ජාතික සම්පතක්. ඒවා ගාල්ලේ ජනතාව, රටට වැදගත් අයුරින් යොදා ගන්න ඕන. එහෙම නැතිව පුද්ගලික සමාගම්වලට විකුණලා රටේ සම්පත් විනාශ කිරීමට මම කිසිම අවස්ථාවකදී ඉඩ දෙන්නේ නෑ. යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාව සදහා ගාල්ල නාගරික මන්ත්‍රී දේශප්‍රිය ලියනගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

Next Post

ඒකාබද්ධය දවල් හීන දකිනවා – ඇමැති මහින්ද කියයි 

editor

editor

Next Post

ඒකාබද්ධය දවල් හීන දකිනවා - ඇමැති මහින්ද කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved